ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න
පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙනා විවිධ ආහාර පාන ගත්තද අපගේ දේශීය ආහාරවල ඇති පෝෂ්‍ය ගුණය මිල කළ නොහැකිය. බත්ගස ලෙසින් හඳුන්වන කොස්ගසෙහි හටගන්නා කොස්ඵලද එලෙස පෝෂ්‍ය ගුණයෙන් අනූන ආහාරයකි. එසේම වස විසවලින් තොර වූ ඉතා සුරක්ෂිත ආහාරයකි.
කොස් ඵල පමණක් නොව පත්‍රද ඉතා පෝෂ්‍යදායී ආහාරයක් බව සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර තිබේ.
බිලාහි බිලාබ් කදැමි දිස්නාද පත්‍ර
කුදර් දිස්මිත කෛනාමිකේ
සත්ත්ව මනුස්සා ඵලං කාදීහි
නීරෝ්ගි භාගා දීර්ඝායුභාගා
කොස් සහ වැල යන ගෙඩිවර්ග පමණක් නොව එහි දලුද මිනිසාගේ සහ සත්ත්වයන්ගේ නිරෝගී සැප පිණිස ගුණදායක බව සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කරති.
කොස්
කොස් යනු පුරුෂ ගණයට අයත් ශාකයකි. මෙහි හටගන්නා ගෙඩියේ ළපටි අවස්ථාවේ සිට මේරූ, පැසුනු සහ ඉදුනු යන අවස්ථාවන්හි ඇති ගුණ එකිනෙකට වෙනස්ය.
ළපටි අවස්ථාව
කොස් පැළයක ළපටි අවස්ථාව යනු පනාපට්ටා අවධියයි. මෙම පනාපට්ටා අවධියේ පවතින ගෙඩි කුඩා දරුවනට ඉතා ගුණදායකය. දිරවීමේ පහසුව ඇති කරයි. මළ බද්ධය නැති කරයි.
මේරූ අවස්ථාව
කොස් ඵලයක මේරූ අවස්ථාව පොළොස් ලෙස හඳුන්වයි. මෙම අවස්ථාව වන විට ගෙඩියේ ඇට, මදුලු ආදිය ඉතා මෘදු තත්ත්වයේ පවතී.
මෙම ගෙඩි තම්බා හෝ් මැල්ලුම් ලෙස සකසා ආහාරයට ගැනීමෙන්් ශරීරයට ගුණදායකය. විශේෂයෙන්ම කිරිදෙන මව්වරුන් පොළොස් ආහාරයට ගැනීමෙන් මව්කිරි වඩයි. කිරි එරීමේදී මතුවන ගැටලු නැති කරයි. එනම් කිරි ගැට මතුවීම, මව්කිරි නිපදවීම අඩුවීම නැති කර දමයි.
පොළොස්වල ඇති තවත් ගුණයක් වනුයේ කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ ලිංගික හෝමෝන නිපදවීම වර්ධනය කිරීමට උපකාරී වේ. එනිසා සතියකට වරක් හෝ පොළොස් ආහාරයට ගැනීමෙන් ප්‍රජනන ශක්තිය වර්ධනය කරගත හැකිය. එනිසා මද සරු බවින් පෙළෙන කාන්තාවන් සහ පිරිමින්ට පොළොස් ඉතා ගුණදායී ආහාරයකි.
පැසුණු අවස්ථාව
කොස් ඵලයක පැසුණු අවස්ථාව යනු අප ගනු ලබන ආහාර වේලක ප්‍රධාන ආහාරය ලෙස ගත හැකි තත්ත්වයකි. හොඳින් පැසුණු කොස් ගෙඩියක පිෂ්ඨය බහුලව ඇත. එනිසා කොස් පැසුනු අවස්ථාවේදී ආහාරයට ගැනීමේදී බත් සමග එළවළුවක් ලෙස නොව බත් වෙනුවට ගනු ලබන තවත් ප්‍රධාන ආහාරයක් ලෙස සකසා ගැනීම වැදගත්ය.
පැසුනු කොස් හොඳින් තම්බාගත් පසු එහි ඇති කෙඳි සහිත බවද ඉහළය. එනිසා කොස් ආහාරයට ගැනීමෙන්් මළ බද්ධය නැතිවේ.
ඉදුනු අවස්ථාව
කොස් ඵලයක ඉදුනු අවස්ථාව වරකා ලෙස හඳුන්වයි. මෙය ඉතා ගුණදායි පලතුරකි. විශේෂයෙන්ම පුරුෂයන්ගේ ශුක්‍රාණුු වර්ධනයට ගුණදායීය. වරකා මදුලු කිහිපයක් හොඳින් මිරිකා යුෂ ගෙන පානය කිරීම ශුක්‍ර වර්ධනයට දිව ඔසුවක් ලෙස සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර ඇත.
වැල
කොස්් ශාකයේ වැල යනු ස්ත්‍රී වර්ගයයි. මෙහි ඇත්තේ ශීත සහ මධුර ගුණයකි. මෙහි ළපටි අවස්ථාවේ සිට ඉදුනු අවස්ථාව දක්වා කාන්තාවන්ගේ ඩිම්බ වර්ධනයට සහ ඔවුනගේ කාන්තා හෝමෝන වල ඇතිවන ගැටලුවලට ඉතා ගුණදායි ඖෂධයකි.
වැල මදුළු කිහිපයක් හොඳින් මිරිකා යුෂ පානය කිරීම තුළින් කාන්තාවන්ගේ ඩිම්බ මේරීම ඒවායේ සරු බව වර්ධනයට ඉතා ගුණදායක බව සෘෂි නාඩි වෛද්‍යවරු පවසා තිබේ.
අගුණවීම
කොස් සහ වැල රාත්‍රියට ආහාරයට ගැනීම එතරම් ගුණදායි නැත. මෙහි පිෂ්ඨය අධිකවීම සහ තන්තුමය ගුණයද වැඩි නිසා දිරවීමේ අපහසුතා ඇතිවේ. එනිසා බඩේ අජීර්ණය, බඩ පිපුම ආදිය මතුවිය හැකිය. දිවා ආහාරයක් ලෙස හෝ උදෑසන ආහාරයක් ලෙස ගැනීම ගුණදායකය.
වැල ඉදුනු පසු ශීත ගුණයෙන් වැඩි නිසා රාත්‍රියට ආහාරයට ගැනීම තුළින් සෙම් කෝප විය හැකිය.
කොස් සහ වැල පත්‍ර
කොස් සහ වැල දලු මැල්ලුම් ලෙස සකස් කර ආහාරයට ගැනීම ගුණදායකය.
කොස් දලු දිගටිය, වැල දලු රවුම්ය. මෙම කුමන වර්ගයේ වුව දලු සතියකට වරක් මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමෙන් සමේ වර්ණය පැහැපත්වීමට, පිළිකා නැසීමට, දත් මුල් ශක්තිමත්වීමට මල බද්ධය ඇති නොවීමට ගුණදායකය.
මොරටුව අඟුලාන ලියන්වෙල
සෘෂි නාඩි මධ්‍යස්ථානයේ
වෛද්‍ය මහාචාර්ය
ජිනසිරි ලියන්වෙල