Kitchen
යන්ග් චව් ෆ්‍රයිඩ් රයිස්
අවශ්‍ය දුව්‍ය
පොතු ඉවත්කරගත් ඉස්සන් 100g
කුකුල් මස් 50g
පිසගත් බාස්මතී බත් 500g
බිත්තර 04
තම්බාගත් ග්‍රීන් පීස් 10g
කුඩාවට කපන ලද බට්න් හතු 10g
රසකාරක තේ 1/2Tsp
සුදු ගම්මිරිස් කුඩු 2Tsp
ලුණු අවශ්‍ය පමණට
කෝන්පිටි 1Tsp
සෙසමි තෙල් 1/4Rsp
ලූණු කොල 10g
කෝන්තේල් අවශ්‍ය තරම්
සදන ක්‍රමය
ඉස්සන් සහ කුකුල් මස් කැබලි මතට ලුණු, ගම්මිරිස්, කෝන්පිටි, බිත්තර සාරු ටිකක් දමා මිශ්‍රකර තබන්න. මීලගට සාස්පානක් ලිප තබා කෝනතෙල් ටිකක් දමා රත්වූ විට පදම්කරගත් දෑ එයට දමා හැදිගාමින් හොදට පිසගන්න. දැන් එයටම ග්‍රීන්පීස්, කළු හතු හා බිත්තරද එක්කර ගනිමින් දිගටම කූරුගාමින් හැදිගාන්න. එයටම පිසගත් බත්, රසකාරක, සෙසමි තෙල්, කුඩාවට කපාගත්ළූණු කොල එකතු කර හොදට කලවම්කර මදගින්නේ විනාඩි 3ක් පමණ වේලා තබා ලිපෙන් බා ගන්න.
kamubomu.wordpress.com