Kitchen
මුළුතැන්ගෙයි අත්වැරැදීම් විසඳන උපක්‍රම...
ආහාර පිසීම සමහර දෙනකුට කොහොමත් ඒකාකාරී නීරස කටයුත්තකි. උයන්නන් වාලේ උයා පිහා බත මේසයට යවන්නට හුරුව සිටින්නේද එවැනි ගෘහණියන්ය. නමුත් පොත පතකින් හෝ දැනුම සොයාගෙන අලුත් තාලේ යමක් එකතු කර ඉවුම් පිහුම් රසට පිළියෙල කොට නිවැසියන්ගේ කට, දිව මෙන්ම සිතද පිනවන්නට කැමැති ගෘහණියෝද ඕනෑ තරම් අප අතර වෙති. මේ වටිනා ඉඟි කිහිපය එකී ගෘහණියන් වෙනුවෙනි.
ප්‍රවීණ සූපවේදිනී
ලක්ෂ්මී නාරාහේන්පිට
ලුණු පදම
උයන පිහන වෙලාවට සිදුවන අත්වැරැදි අතර කරියකට ලුණු වැඩිවීම ලොකු අවුලක්. වැඩිය කලබල නොවූ සුද්ද පවිත්‍ර කරගත් අමු අල ගෙඩියකින් පෙත්තක් කපා එයට දැමීමෙන් වැඩි වූ ලුණු ගතිය බොහෝ දුරට අවම කරනවා.
හොද්ද රොස් වුණොත්
හොද්දක් රොස්වීම සුළුවට හිතන්න බැහැ. නහයට වුවද අපුල රොස් සුවඳත්, රසයත් අවම කිරීමට නොගෑ පොල් බෑයක් ගෙන හොඳින් සෝදා හොද්ද මත මුණින් අතට නමා තබන්න.
බත මෘදු වීමට බටර්
ෆ්‍රයිඩ් රයිස් පිසෙන විට සෝදා ගරා බඳුනට දැමූ හාල්වලට මාගරින් ටිකක් එක් කිරීමෙන් බත ලිහිල්ව සෞම්‍යයව ඒකට බැඳී නොසිටින සේ පිසගත හැකිය. සාදා ගන්නා ෆ්‍රයිඩ් රයිස් අලංකාරව මොළොක් ගතියට දිස්වෙයි.
චයිනීස් මෙන් සෑදීමට ගන්නා බතටද එළවළු තෙල් මේස හැඳි 2ක් එක් කිරීමෙන් බත මැනවින් පිසගත හැකිය. (තෙල් මේස හැඳි 2, හාල් 2ඬඨ සඳහාය.)
පරිප්පුවට ඉන්දියානු රසය
කඩල පරිප්පු පිසින විට එහි තෙම්පරාදුවට තක්කාලි පෙත්තකුත් කොත්තමල්ලි කොළ කිහිපයකුත් දැමීමෙන් පරිප්පු කරියට රසය සහ සුවඳ සුවිශේෂීව ලැබේ. මෙය ඉන්දියානු ගෘහණියන් අතර ජනප්‍රිය ක්රමයකි.
අලුත් කලවම් පලා
මැල්ලුම් ලියන්න සමහර ගෘහණියෝ අකැමැතියි. තවත් ගෘහණියෝ කාර්ය බහුලකම නිසා පලා වර්ග ආහාර වට්ටෝරු වෙන් ඉවත දමනවා. නමුත් පලා වර්ගයක වටිනාකම අමිලයි. කලවම් පලා ඒ අතරින් තවත් සුවිශේෂී.
ඒ කාලේ නම් කලවම් පලා කිව්වම කුරිඤ්ඤං කොළ, මඤ්ෙඤාක්කා කොළ, තෝර කොළ, ගැට පලා, පැෂන් කොළ වාත භංග වාගේ දේවලුයි තෝර ගන්නේ.
ඔන්න දැන් කලවම් පලාවලට තවත් අලුත් දෑ එක් වෙලා. පලා ලියන්න කම්මැළි නැති ගෘහණියකට දැන ගන්නටයි මේ කියන්නේ. මෑ කරල් හට ගන්නා කොළවල මෑ දලු, වට්ටක්කා දලු, දඹල දලු සහ කතුරුමුරුංගා දලුත් මේ සඳහා එක්කර ගන්න. රසය වඩාත් තීව්ර වෙයි.
මාළු පිළී ගඳයිද
කොයිතරම් සේදුවත් සමහර මාළුවල පිළ ීගඳ යන්නෙ නැහැ. ඒ සඳහා මාළු පෙත්ත ලුණු, ගොරකා දවටා හොඳින් සෝදා පසුව මිරිකාගත් දෙහි යුෂ සහ ගොරකා යුෂ කහ සමඟ හොඳින් තවරා පැය භාගයක් පමණ තබන්න. (කාලය අවමයි නම් පැය කාලක් පමණ සෑහේ)
කුඩා මාළු කැඩිලා යනවද?
කුඩා මාළු බදින විට හරි පරෙස්සම්ව එය කළ යුතුයි. කෙතරම් පරෙස්සම් වුවද මාළු කුඩුවී යන අවස්ථා එමටයි. මේ සඳහා මාළු 'සීසෙන්' කරන විට දවට ගන්නා ලුණු, ගම්මිරිස්වලට කෝන් ෆ්ලවර්ද එකතු කිරීමෙන් මාළු කැඩී යෑම සිදු නොවේ. බදින විට එයට පාන්පිටි දැවටීම කරන්නේ නම් තවත් අපූරුවට මාළු බැද ගත හැකිය.
එලෙසම බැදපු මාළු නිකන්ම මේසයට තබනවාට වඩා කපාගත් තක්කාලි, මාළු මිරිස්, බී ලූනු පෙති මත තබා ගම්මිරිස් කුඩු ඉසීම රසවත්ය. කෑම මේසයට අලංකාරය.
අලුත් රයිස් එකක්
ෆ්‍රයිඩ් රයිස්වලට බොහෝ විට කවුරුත් කැමැතියි. ෆ්‍රයිඩ් රයිස් නව තාලයකට රස කර ගන්නා ආකාරයයි මේ.
සාමාන්‍යයෙන් ෆ්‍රයිඩ් රයිස් පිසින විට කැරට්, ලීක්ස්, බෝංචි, ගෝවා වැනිදෑ තෙම්පරාදුවට දමනවා.
නමුත් මේ ෆ්‍රයිඩ් රයිස් එක එයට වඩා වෙනස්. මේ සඳහා සිහින්ව ලියා ගත් කැරට් සහ ලූනු කොළ පමණක් භාවිතයට ගෙන එය උණුසුම්ව තිබෙන බතට දමා (දීසියකට හෝ බඳුනකට දමා ගත් බතට) හොඳින් කලවම් කර බටර් හෝ මාගරින් සමඟ ස්ක්රැම්බෙල් කරගත් බිත්තරද එයට දමා කලවම් කරගන්න. ඇත්තටම රස පංකාදුය. (බිත්තරය මාගරින් හෝ බටර් මතට දමා කුඩු වී යනතුරු හැන්දකින් කූරුගෑම ස්ක්රැම්බෙල් කිරීම වේ.)
Wmqgd .ekSu u