Kitchen
මුං පොල් බත්
මුං පොල් බත්
අවශ්‍ය ද්‍රවය
කැකුලු සහල් 250
මුං ඇට 250
ගාගත් පොල් 200
ලුණු තේ හැඳි 01
වතුර අඬු කෝප්ප 01ක්
සකස් කරන ආකාරය
මුං ඇට සෝදා පිරිසිදු කර පෙඟෙන්නට තබන්න.
ඉන්පසු පොඟවාගත් මුං ඇට භාජනයකට දමා තම්බා ගන්න.
එය බාගෙට තැම්බෙන විට සෝදා ගරා දිය බේරාගත් සහල් එයට දමා තම්බා ගන්න.
එලෙස බත ඉදුනු පසුව මදක් දියර ගතිය තිබියදී එයට ගාගත් ලපටි පොල් සහ ලුණු දමා මිශ්‍ර කර ගන්න.
එලෙස මද ගින්නේ ටික වේලාවක් තබා දියර ගතිය හිඳුනු පසුව ලිපෙන් ඉවත් කර ගන්න.