Kitchen
මිශ්‍ර පලතුරු පුඩිම
අවශ්‍ය වන්නෙ
උකු කිරි ටින් - 1
මාරි බිස්කට් - 150 g
වියළි මිදි - 25 g
කපාගත් කජු - 50 g
කපාගත් පුහුල් දෝසි - 100 g
කපාගත් චෙරි - 50 g
රේසිං - 50 g
ගෝල්ඩන් සිරප් මේස හැඳි - 1
වැනිලා එසන්ස් තේ හැඳි - 1
වතුර - 250 ml
කුඩාවට කපාගත් ඉඳුණු අඹ - 300 g
කස්ටඩ් පවුඩර් මේස හැඳි - 3
කිරි වීදුරු - 1
පිළියෙල කරන ආකාරය
පළමුවෙන් බිස්කට් හොඳින් කුඩු කරගන්න. පලතුරු සහ ගෝල්ඩන් සිරප් සමඟ හොඳින් කළවම් කර පසුව මෙම මිශ්‍රණයට ටින්කිරි ටින් භාගයක් දමා හොඳින් අනා ගන්න. එය ශීතකරණයේ පැය 1/2ක් පමණ තබන්න. පසුව භාජනයකට සීනි සහ වතුර අඬු කෝප්ප 1/2ක් දමා එයට කපාගත් අඹ කෑලි දමා ස්ටු කරගන්න. දැන් කස්ටඩ් කිරි සමඟ දියකර ළිප තබා උකු කස්ටඩ් එකක් සාදා ගන්න. ඉන් පසුව කලින් ශීතකරණයේ තැබු පුඩින් මිශ්‍රණය අනික් පැත්ත හරවා තැටිය අයින් කර භාජනයකට දමා ගන්න. එයට උඩින් අඹ සහ කස්ටඩ් දමා කෑමට ගන්න.
silumina.lk