Kitchen
මැලේ අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය : -
රටඉඳි ග්‍රෑම් 200
රතු ළූණු ග්‍රෑම් 150
කැරට් ග්‍රෑම් 100
මාළුමිරිස් ග්‍රෑම් 150
හොඳින්පැසුණු ඇඹරැල්ලා ගෙඩියක්
කුඩා අන්නාසි ගෙඩියක්
අඹරාගත් සුදුළූණු බික් 8
ඉඟුරු කැබැල්ලක්
මිරිස්කුඩු මේස හැඳි 2
විනාකිරි කෝප්ප 1/2
අඹරාගත්අබ මේස හැඳි 1
සීනි මේස හැඳි 4
අවශ්‍ය පමණ ලුණු
සාදන ක්‍රමය :
රටඉඳි වල ගෙඩි 5-6 ක ඇට හැර කුඩාවට කපන්න. ඉතිරි ටික ඇටහැර අඹරා ගන්න. මෙය මැටි බඳුනකට දමා එයට විනාකිරි කෝප්ප1/2 ක් වතුර කෝප්ප 1/4 ක්, අඹරාගත් අබ , ඉඟුරු , සුදුළූණු, ලුණු, මිරිස් කුඩු , සීනි දමා තරමක් උකු සෝස් එකක් වන ලෙස උණුකර ගන්න. මෙය ලිපෙන් බාන්න. ඉන්පසු එයට කපාගත් කැරට් ,මාළු මිරිස් , අන්නාසි, අඹරැල්ල , රටඉඳි එකතු කර ගන්න. මෙහිදි කපාගත් රටඉඳි වෙනුවට වියළි මිදි එකතු කිරීමට පුළුවනි. මෙය හොඳින් මිශ්‍ර කර වසා දිනක් පමණ තිබෙන්නට හැර කෑමට ගන්න.
curtesy :
wadabima.lk