Kitchen
මැලේ අච්චාරු සාදන අයුරු
අප පූරුදු වී සිටින්නේ අච්චාරු මැටි මූටිිටියක දමන්නයි. එවිට විනාකිරි හා අච්චාරුවේ ඇති තෙත ගතිය මූටිටියට උරාගෙන එය වියළි ස්වභාවයක් ගන්නවා. ඒ නිසා වීදුරු බෝතලයක අසූරා ගැනීම වඩාත් සූදුසූයි.
අවශ්‍ය ද්‍රව්‍ය
රතු ළුෑනූ ග්‍රෑම් 500
කැරටි ග්‍රෑම් 100
මාලු මිරිස් ග්‍රෑම් 100
සූල්තානා ග්‍රෑම් 100
රට ඉඳි ග්‍රෑම් 100
සූදු ළුෑනූ (අඹරා) තේ හැඳි 1
අමූ ඉඟුරු (අඹරා) තේ හැදි 1/2
විනාකිරෙන් අඹරා ගත් අබ මේස හැඳි 3
සීනි මේස හැඳි 1
අන්නාසි ග්‍රෑම් 200
විනාකිරි මිලිලීටර් 300
තක්කාලි සෝස් මිලිලීටර් 300
චිලි සෝස් මිලිලීටර් 200
ගම්මිරිස් කුඩූ තේ හැඳි 2
ලුණූ තේ හැඳි 3
සාදන ක්‍රමය
ළුෑනූ සූද්ද කරන්න. කැරටි සූද්ද කර පොඩි නම් 4 ට ද ලොකු නම් 6 ට ද පලා සිහින්ව තුන් හූලස් කැබලි කපන්න. අන්නාසි ද එලෙස ම කපන්න. භාජනයක් ගෙන විනාකිරි දමා (ඇලුමිනියම් භාජන ගන්න එපා) අබ, ගම්මිරිස් ලුණූ එක්කර හොඳින් මිශ්‍ර කර සෝස් වර්ග දමා අනෙකුත් සියල්ල එක්කර කලවම් කර දිනක් තබා කෑමට ගන්න. රට ඉඳි 4 ට පලා ඇට ඉවත් කර දෙකට කපා එකතුකරගන්න.
Wmqgd .ekSu isxy,u.a fj