Kitchen
මාළු ඇඹුල් තියල්
අවශ්‍ය ද්‍රවය
මාළු 1 kg
ගොරකා කැබලි 10 ( 100g )
අමුමිස් කරල් 4 (පොඩිවට කපාගන්න )
කුරුදු පොඩි කැබැල්ලක්
කහකුඩු තේ හැදී 1/4
රම්පේ, කරපිංචා
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
සුදුළුණු බික් 6 ( සිහින්ව කපාගන්න)
තලාගත් ඉගුරු කැබැල්ලක්
ගම්මිරිස් තේ හැදී 3
දෙහි යුෂ තේ හැදී 2
සාදා ගන්නා ක්‍රමය
පළමුව මාළු පොඩි කැබලි වලට කපා සෝදන්න ( මාළු ඇඹුල් තියල් සදහා කෙලවල්ලන් හෝ බලයන් වඩාත් රසවත් ය). ඉන්පසු ගොරකා අඔරා ගන්න (ගොරකා හොදින් තම්බා ගත් පසු අඔරා ගැනීමට පහසුය). භාඡනයක් ගෙන එයට සාදාගත් ගොරකා මිශ්‍රනය, සුදුළුණු, ඉගුරු , රම්පේ, කරපිංචා, කුරුදු, කැපු අමුමිස්, ලුණු, කහකුඩු, ගම්මිරිස්, වියලි මිරිස් හා දෙහි යුෂ යොදා හොදින් කවලම් කරාගන්න. මැටි බදුනක් ගෙන ලිප මත තබා රත් වූ විට කලවම් කරගත් මාළු හා වතුර කෝප්ප 1 1/2ක් දමා සිදෙන තෙක් තැම්බෙන්න හරින්න.
වැදගත් කරුණු
මැටි බදුනකට දමා පිසීන විට ඉතා රසවත් වේ.
අවශ්‍ය නම් කරාබුනැටි , එනසල් ද එක් කළ හැක.
බදුනේ අඩියට කෙසෙල් කොළයක් දමා ඒ මත මාළු තබා පිසීමෙන් ද වඩා රසවත් කළ හැක.
curtesy :
wadabima.lk