Kitchen
බීට් රූට් හා කැරට් සලාදය
අවශ්‍ය ද්‍රව්‍ය:-
◙ බීට්රූට් ග්‍රෑම් 100 යි
◙ කැරට් ග්‍රෑම් 100 යි
◙ ලොකු ළූණු ගෙඩි 2 යි
◙ තක්කාලි ගෙඩි 2 යි
◙ දෙහි ස්වල්පයක්
◙ අබ ස්වල්පයක්
◙ ලුණු ස්වල්පයක්
◙ සීනි ස්වල්පයක්
◙ ගම්මිරිස් කුඩු ස්වල්පයක්
◙ විනාකිරි මේස හැඳි 1 ක්
සාදන ආකාරය:-
බීට්රූට් හා කැරට් වෙන වෙනම තම්බා පොතු ඉවත්කර කුඩා හතරැස් කැබලි වලට කපාගන්න. ලුනු හා තක්කාලි ද කුඩා හතරැස් කැබලි වලට කපාගන්න. බීට්රූට්, කැරට්, ලොකු ළූණු, තක්කාලි හැර අනෙක් සියළුම ද්‍රව්‍ය බඳුනකට දමා මිශ්‍රණය සාදා ගන්න. ඉන්පසුව බීට්රූට් ඇතුළු අනෙක් ද්‍රව්‍යද කළවම් කරන්න.