Kitchen
බිලිං සහ කට්ටා කරවල ව්‍යංජනය
බිලිං කියන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ ගෙවල්වල තියෙන දෙයක් නේ. කට්ට කරවල කියන්නෙත් ඒ වගේ ලංකාවේ මුළුතැන්ගෙවල්වල නිතර ඉදෙන කෑමක්.
කියවල බලන්නකෝ. ඕනනම් අද රෑ කෑමටත් උයල බලන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය :-
කට්ටා කරවල ග්‍රෑම් 100 ක්
හොඳට ඉදුණු බිලින් ගෙඩි 5 ක්
මිරිස් කුඩු
ලුණු (ඕන නම් )
කහ
උළු හාල් ඇට කිහිපයක්
සුදු ළුනු බික් දෙක තුනක්
කොච්චි කරල් කිහිපයක්
හදන්නේ මෙහෙමයි :-
වැඩි විශේෂයක් නැහැ. සාමාන්‍ය කට්ටා කරවල හොද්දක් විදියටම ඒදල ලිපේ තියන්න. ටිකක් රත්වේගන එද්දී බිලිං ටික පෙති කපාගන මේ හොද්දට එකතු කරන්න. කොච්චිත් මේකට එකතු කරන්නේ නැටි පිටින්මයි.
මිරිස් සැර තමන්ට ඕන ගානට එකතු කරන්න පුළුවන්. ඒත් මේක හරියට හදනවනම් මිරිස් සැර ටිකක් ඉස්සර වෙන්නම ඕන.
මොකද කියන්නේ .. අදම හදල බලනවද?