Kitchen
බිම්මල් ස්ටු
අවශ්‍ය දුව්‍ය
බිම්මල් 500g
අර්තාපල් 150g
කැරට් 100g
මාළු මිරිස් 50
තක්කාලි ගෙඩි 01
විනාකිරි 2Tsp
ගම්මිරිස් 2Tsp
ලූණු 1Tsp
ලොකු ලූනූ ගෙඩි 02
අමු තුනපහ 1Tsp
දිය කිරි 250Ml
මිටි කිරි 125Ml
අබ 1/4 Tsp
තෙල් 2Tsp
අමු මිරිස් කරල් 04
සුදු ලූනූ බික් 03
කහ ස්වල්පයක්
කරපිංචා,රම්පා ස්වල්පයක්
සදන ක්‍රමය
බිම්මල් තරමක් මහතට කඩා හොඳට සෝදා වතුර ඉවත්වනතුරු මිරිකා ගන්න.කැරට් ,අර්තාපල් ,මාළුමිරිස්, අමු මිරිස් දික් අතට කැබලි කරගන්න.ලොකු ලූනූ ,තක්කාලි රවුම් අතට කපාගන්න. භාජනයට තෙල් ස්වල්පයක් දමා සිහින්ව ලියාගත් රම්පා, කරපිංචා සුදු ලූනූ තෙලට දමා කැබලි කරගත් අල සහ කැරට් සමග සියලු කුළු බඩු වර්ග, ලූණු ,විනාකිරි දමා දිය කිරෙන් තම්බාගන්න. තැම්බුනු පසු බිම්මල් ලූනූ, මාළු මිරිස්, අමු මිරිස් සහ තක්කාලි සමග මිටිකිරි එකතුකර සුළු වේලාවක් පිසගන්න.
kamubomu.wordpress