Kitchen
බටර්ඩ් යෙලෝ රයිස්
නොයෙක් ද්‍රව්‍ය යොදා ගනිමින් විවිධ ක්‍රමවලට සාදා ගන්නා බත් වර්ග අපි නිතර ආහාරයට ගන්නවා. මේ ඉතාමත් පහසුවෙන් සාදා ගැනීමට හැකි ආකාරයේ බතක්.
අවශ්‍ය ද්‍රව්‍ය:
බාස්මතී සුදුහාල් ග්‍රෑම් 200 ක්
බටර් හෝ ගී ග්‍රෑම් 15 ක්
කුරුඳු පොත්තක්
අඟල් 2 ක රම්පෙ කැබැල්ලක්
කරපිංචා කොළ ග්‍රෑම් 10 ක්
කහ කුඩු ස්වල්පයක්
ලුණු (රස අනුව)
චිකන් ස්ටොක් මිලිලීටර්
150 - 200 ක්
කරදමුංගු, කරාබුනැටි
3 - 4 ක්
සාදන ක්‍රමය:
සහල් සෝදාගන්න. බඳුනකට බටර් හෝ ගී එක්කර රත්වෙන්නට හරින්න.
එය කුරුඳු, රම්පෙ, කරපිංචා, කරදමුංගු, කරාබුනැටි එක්කර තෙම්පරාදු කරන්න.
ඉන්පසු සහල් දමා තරමක් බැදෙන්නට හැර කහ කුඩු, ලුණු සහ චිකන් ස්ටොක් එක්කර බත තැම්බෙන්නට හරින්න.
හොඳින් තැම්බුණු පසු කූරු ගා මඳගින්නේ වසා තබන්න. ඉන්පසු සංග්‍රහයට යොදාගන්න.
Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks