Kitchen
පූරි හදන හැටි මෙන්න
පූරි කියන්නේ ඉංදියාවේ බොහොම ජනප්‍රිය ඉංදීය ආහාරයක්. ඒ විතරක්ම නෙමෙයි ලංකාවේ අපිත් බොහොම කැමති කෑමක් නේ පූරි.
මේ තියෙන්නේ පූරි හදා ගන්න අවශ්‍ය වන දේවල්.
1. ආටා පිටි
2. පොල් තෙල්
3. එලගිතෙල්
4. ලුණු ස්වල්පයක්
මෙන්න මෙහෙමයි හදන්නේ.
මුලින්ම ආටා පිටි වලට ලුණු ටිකක් එකතු කර ගන්න.
ඉන් පස්සේ හොදය කවලම් කරන්න. දැන් වතුර ටික ටික දමමින් හොදින් අනා ගන්න. අතේ නොගෑවේ තරමට අනන්න. අතේ නොගෑවෙන ප්‍රමාණය එද්දී එය තමයි පදම. දැන් පුංචි පුංචි බෝල ටිකක් හදලා විනාඩි 30 ක් විතර තියන්න.
ඉන් පස්සේ භාජනයකට පොල් තෙල් දමලා ලිපේ තියා ගන්න. ඒ අතර අර බෝල කර පිටි ගුලි හොදින් තුනී වෙන්න රොටී වගේ රෝලකින් තලා ගන්න.
දැන් තෙල් හොදින් උනු වුනාම එකට එක රොටිය බැගින් දමන්න. අපිට ලැබුනා වගේ ලස්සන පූරි ඔයාලත් ගන්න පුළුවන්. රන්වන් පැහැයට ආපුවාම පූරි ඉවත් කරන්න.
දැන් හොද පරිප්පු වගේ දෙයක් එක්ක රස විදින්න.
Wmqgd .ekSu taIshka