Kitchen
පහසුවෙන් ඇඹුල් තියල් හදන ක්‍රමය
මෙන්න මේ දේවල් අවශ්‍යයි
අලුත් බල හෝ කෙලවල්ලා මාළු කිලෝ 1 යි ( පරණ මාළු වලින් නියම රස ගන්න බැහැ)
ගොරකා ග්‍රෑම් 100 යි
තරමක් ලොකු කුරුඳු පොතු කැබැල්ලක්
ගම්මිරිස් මිටක්
කරපිංචා ඉති 3ක්
හට්ටිය අඩියේ ඇතිරීමට කුරුඳු කොළ හෝ නැත්නම් කරපිංචා කොළ ඇති තරම්
ලුණු
සාදාගන්න ක්‍රමය
මාළු
හොඳින් සෝදලා මැටි භාජනෙකට දමන්න. ගොරකා , කුරුඳු පොතු කැබැල්ල ,
ගම්මිරිස්, කරපිංචා, ලුණු බ්ලෙන්ඩර් එකට දමා හොඳින් ක්‍රීම් එකක් වගේ වෙන්න
බ්ලෙන්ඩ් කර ගන්න.
ගොරකා ක්‍රීම් එක මාළු කැබලිවල හොඳින් දවටමින් අත ගාන්න. මාළු නොතැලෙන්න සීරුවට කර ගන්න ඕනේ. පැයක් පමණ මැටි අඩි වළඳකින් වසා තබන්න.
ඉන්
පසු කුරුඳු කොළ හෝ කරපිංචා කොළ උයන වළදේ අඩියේ අතුරන්න. ඒ මතින් මාළු
කැබලි එකින් එක අරගෙන තියන්න. තබා මාළු දමා වසා තිබුන භාජනයට වතුර පීරිසි
කෝප්ප භාගයක් වගේ වක් කරලා ඒ වළඳ සෝදලා එන වතුරත් මාළු භාජනේට දමන්න.
දැන්
ලිප ඉතාම අඩු කර හෙමින් තැම්බෙන්න ඉඩ දෙන්න. මාළු හැඳි ගාන්න යන්න එපා.
කල්පනාවෙන් ඉන්න. කර ගඳක් වගේ ලාවට එද්දී ලිපෙන් බා ගන්න.
මේ තමයි නියම රසට ඇඹුල් තියල් පහසුවෙන් හදන ක්‍රමය.