Kitchen
පරිප්පු වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය :-
පරිප්පු 500g
රතු ලූනු 50g
අමු මිරිස් කරල් 10
වියළි කෑලි මිරිස් තේ හැඳි 4
කරපිංචා
උම්බලකඩ කුඩු මේස හැඳි 3
තෙල් බෝතල් 1/2
ලුණු අවශ්‍ය පමණට
සාදන ආකාරය :-
පරිප්පු ටික සෝදලා පිරිසිදු කරන් පැය 6ක් පමණ පෙගෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ පොගවාගත්ත පරිප්පු ටික පෙරාගෙන අබරා ගන්න.
අනික් සියලු දේවල් වංගෙඩියකට දා අඩකට වැඩිවෙන විදිහට කෙටා ලුණු ඇඹුල් රස බලා ගන්න.
අනාගත්ත මිශ්‍රණය ටික ටික ගෙන කැමති හැඩේකට හදාගෙන රන්වන් පැහැ වෙනකම් බැදගත්තා නම් හරිම රසයි.
මේ මිශ්‍රණයෙන් වඩේ 50ක් විතර හදාගන්න පුළුවන්.