Kitchen
නිවස ඇතුළට හැරී
ආහාර පිසීම අසුබයි
පේරාදෙණිය ඩි.යු. සෙනරත්
සෑම දෙයක්ම සිදු කළ යුතු නිසි පිළිවෙලක් පවතිනවා. අප විසින් නිවැරදි දෙයක් කළ ද නිසි පිළිවෙලට සිදු නොකළහොත් එයින් අපට ලබා ගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබා ගැනීමට නොහැකි වෙනවා. කුඩා කාලයේ සිටම අප දරුවන්ට මාර්ගයේ දකුණු පැත්තෙන් යැමට පුරුදු කරන්නේ මාර්ගයේ පයින් ගමන් කිරීමේ නිසි පිළිවෙල එය බව දන්නා බැවිනි. වම් පැත්තෙන් ගමන් කිරීමේදී අප විසින් ගමනාන්තය දක්වා ළඟා වූවද එහිදී අප ලක්වන අවදානම සුලු පටු නොවේ. මේ ආකාරයෙන්ම ගෘහ කර්ම වාස්තු ශිල්පයේදී ගෘහ කටයුතු සිදු කළ යුතු පිළිවෙල පුරාණ සෘෂිවරුන් විසින් ලෝකයටම කියා දුන්නේ අප සැමගේ ලෞකික ජීවිතය උපරිමය තුළින් අධ්‍යාත්මික ජීවිතයට ප්‍රවේශ කිරීම සඳහාය. මෙම ලිපියෙන් ඔබට කියා දීමට අදහස් කරන්නේ අපගේ ගෘහයේ ප්‍රධානතම ගෘහ අංගයක් වන මුලුතැන්ගෙයි ප්‍රධාන ස්ථාන නිසි ලෙස පරිහරණය කිරීම කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවයි.
ගෘහයක ගිණිකොන දිශාවේ හෝ වයඹ දිශාවේ නිසි ලෙස පිහිටුවනු ලබන මුලුතැන්ගෙය නිවසේ ශ්‍රියා කාන්තාව කැඳවනු ලබන ගෘහ අංගයකි. මෙය නිරිත දිශාවේ හෝ ඊසාන දිශාවේ යෙදීමෙන් ශ්‍රියා කාන්තාව පලවා හැරීමට සමත් වෙයි. මෙම දිශා හැර වෙනත් දිශාවල පිහිටි නම් මිශ්‍ර ඵල සහිතයි. එහි ප්‍රධානතම පරිහරණ කලාපය වන පෝරණුව නැත්නම් උදුන නිසි ලෙස ස්ථානගතවී තිබීම අනිවාර්ය අංගයක්. මුලුතැන්ගෙය නිසි දිශාවේ තිබුණද උඳුන නිවැරදිව නොතිබුණි නම් එය අක්‍රීය වන බව මතක තබා ගත යුතුයි.
ලිප නැත්නම් උඳුන පිහිටු වීම
නිවසක දිවි ගුණය පවතින්නේ තේජෝ ධාතුවේ සක්‍රීය වීම තුළයි. ගෘහයේ තේජෝ ධාතුව බල ගැන්වෙන්නේ නිවසේ ලිප මගිනි. මෙම ලිප නැත්නම් උඳුන නිසි දිශාවේ නිසි පිළිවෙලට තිබිය යුතු වෙනවා. ඔබගේ ලිප පිහිටුවිය යුත්තේ පහත සඳහන් ආකාරයට බව මතක තබා යුතු වෙනවා.
1. ඔබගේ මුලුතැන්ගෙය ගිsණිකොන දිශාවේ නම් ආහාර පිසීම නැගෙනහිර දිශාව බලා සිදුකරන්න.
2. ඔබගේ මුලුතැන්ගෙය වයඹ දිශාවේ නම් ආහාර පිසීම උතුර දිශාව බලා සිදුකිරීම ඉතා යහපත් වේ.
3. අනෙක් දිශාවල මුලුතැන්ගෙය පිහිටා තිබේ නම් සැම විටම උතුරු දිශාව හෝ නැගෙනහිර දිශාව බලා කෑම පිසිය හැකි ආකාරයට උඳුන පිහිටුවා ගැනීම යහපත් වේ.
කිසිම විටක ඔබගේ උඳුන නිවස ඇතුළට කෑම පිසින ලෙස සකස් කිරීම නොකළ යුතු බව පෙන්වා දෙනවා. මෙම ඉතාමත් අයහපත් තත්වයක් වන අතර මෙහි භයානක අතුරු ප්‍රතිඵල රාශියක් ඇතිවෙන බව පෙන්වා දී තිබෙනවා.
* නිවසේ සමඟිය පලායැම
* දුගීවීම, ධනය පිරි
Wmqgd .ekSu is