Kitchen
දෙල් සලාදය
මෙන්න ගේනවා අපේ කෑමක්. දෙල් කපු අය දන්නවා ඇතිනේ මේකේ රස කොහොමද කියලා. ඇයි හැමදාම දෙල් තම්බලා කන්නේ මෙන්න මේ විදිහටත් කළා බලනන්කෝ. ඔයාලත් හදලාම බලනන්කෝ.
අමු මිරිස් කරල් 02
ලොකු ලූනූ ගෙඩි 01
තක්කාලි ගෙඩි 01
ගම්මිරිස් කුඩු 2Tsp
දෙල්, පිපිඤ්ඤා, සලාදයට මෙන් සිහින් පෙති කපාගන්න.
ලුණු දමා වතුර එකතු කර තම්බා ගන්න. අමු මිරිස් සිහින්ව ලියන්න. ලොකු ලූනූ සිහින්ව කපන්න. තක්කාලි කුඩා කැබලි කපන්න. ගම්මිරිස් කුඩු, දෙහි, ලුණු සමග ඒ සියල්ල කලවම් කරන්න.
දෙල් ද එකතු කර මිශ්ර කරන්න. ලූනූ කොළ සිහින්ව ලියා ඉහළින් දමාගන්න.