Kitchen
තත්කාලි චට්නි
සමහර තත්කාලි හරිම හරි ගනන්නේ. ඒවගේම තමයි සමහර කාල වලදී තත්කාලි හරිම
ලාබයි. තත්කාලි වගාකරන ගොවීන්ට පවා තම අස්වැන්න විකුණා ගන්න බැරිව තත්කාලි කුණු වෙලා යන අවස්ථාත් නැතුවා නෙමේ. ඉතින් ඒවගේ ලබා කාල වලදී තත්කාලි ටිකක් ගෙනල්ල මේ විදිහේ තත්කාලි චට්නි ටිකක් හදාගෙන බෝතලයකට දාලා තියාගන්න පුළුවන්නම් තත්කාලි ගණන් කාලයේදීත් හරි අපපූරුවට ඔයාගේ කෑම මේසේ තත්කාලි සුවද තියේවි.
ඔයාට අවශ්‍ය දේවල්
ඉදුණු තත්කාලි රාත්තල් 1
වියළි මිරිස් අවුන්ස 1
සුදු ළුණු අවුන්ස 1/2
ඉගුරු අවුන්ස 1/2
විනාකිරි බෝතල් 1/4
සාදන්නේ මෙහෙමයි
මුලින්ම වියළි මිරිස්,සුදුළුණු,ඉගුරු,විනාකිරි,යොදා හොදින් අබරා ගන්න
තත්කාලි ටික වාෂ්පයෙන් හොදින් තම්බා තත්කාලි උඩු සවිය ඉවත්කර ගන්න.
තත්කාලි පොඩි කැබලි වලට කපා ගන්න.භාජනයක් ලිප තබා එයට තත්කාලි සහ ඉතිරි විනාකිරි දමා හොදින් මෙලෙක් වනතුරු පිසගන්න.
එයට සීනි සහ සාදාගත් මිශ්‍රනයද අවශ්‍ය ප්‍රමාණයට ලුණුද එක්කර හොදින් හැදිගා පිසගන්න.
දිවුල් චට්නි
දිවුල් කියන්නේ හරිම රසවත් පලතුරක්නේ පුංචි ළමයි හරිම ආසයි දිවුල් කන්න. ඉතින් ඔය දිවුල් වාරෙදි අපිට පුළුවන් තත්කාලි වගේම දිවුල් චට්නි ටිකක් හදාගෙන තියාගන්න.ගෙදරට අමුත්තෝ ආපු වෙලාවට කිසිම දෙයක් කියන්නේ නැතුව දිවුල් චට්නි ටිකක් පිරිසියකට දාලා මේසෙන් තියන්න ටික වේලාවකින් චට්නි එකට ලැබෙන ප්‍රතිචාර ඔයාටම අත් විදින්න පුළුවන් වෙයි. අමතක කරන්න එපා මේ දිවුල් චට්නි එක අඩු වියදමින් වැඩි රසක් එක් කරනවා.
ඔයාට අවශ්‍ය දේවල්
දිවුල් රාත්තල් 1
සීනි රාත්තල් 1
සුල්තානි රාත්තල් 1/4
වියළි මිරිස් අවුන්ස් 1 1/2
සුදුලූණු අවුන්ස් 1
ඉගුරු අවුන්ස් 1
විනාකිරි බෝතල් 1
ලුණු
සාදන්නේ මෙහෙමයි
දිවුල් ගෙඩිය කඩා එහි මදය හැන්දකින් හූරා කිරා බලන්න.
ඉන්පසුව එය හොදින් මිරිකා විනාකිරි වලින් භාගයක් ගෙන එය සමග මිශ්‍ර කරන්න.
ඉන්පසුව එය නෙට් එකක් ආධාරයෙන් හොදින් පෙරා ගන්න.
හොදින් ඇට සෝදා ඉවත්කර ගන්න.
වියළි මිරිස්,සුදුලූණු.ඉගුරු විනාකිරි දමා හොදින් අඹරා ගන්න.
සීනි,ඉතිරි විනාකිරි සහ මිශ්‍රණය භාජනයකට දමා හොදින් උණු කරන්න.
පදමට ආ පසු ශිත කර සුල්තානා එක් කරන්න.
රට ඉදි ජෑම්
රට ඉදි කන්න පුංචි දරුවන් හරිම කැමතියිනේ.. ඉතින් කොහොමද ඔයා ඔය නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න වෙලාවක රට ඉදි ජෑම් හැදුවොත්
ඔයාට අවශ්‍ය දේවල්
රට ඉදි රාත්තල් 2
වතුර පයින්ට් 1
සීනි රාත්තල් 1
බටර් තේ හැදි 1
රසකාරක ලෙමන්
සාදික්කා ස්වල්පයක්
සාදන්නේ මෙහෙමයි
භාජනයකට රට ඉදි ටික දමන්න.
පළතුරු රත්වන තුරු වතුර දමා සෙමින් මද ගින්නේ පිස ගන්න.
සීනි,බටර් සහ සාදික්කා එකතු කර හොදින් මිශ්‍රණය ඝන වනතුරු හැදි ගාන්න.
රසකාරක ලෙමන් එකතු කර ජෑම් ටිකක් ඝන වනතුරු රත්කර ගන්න.
curtesy :
lady.lk