Kitchen
ජැපනීස් කොට්න් කේක්
පිටි නැතුව කේක් හදන්න පුළුවන්ද? ඔව් පුළුවන්. පුදුම උනා නේද? අමුද්‍රව්‍ය තුනක් විතරක් පාවිච්චි කරල ඉතාම රසවත් කේක් එකක් හදන්නෙ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 6
කපාගත් සුදු චොකලට් කප් 1 1\2
ක්‍රීම් චීස් කප් 1 1\4 (හැපී කව් ක්‍රීම් චීස් ගන්න පුළුවන්)
පියවර
බිත්තර සුදු මද කහ මද වෙන් කරගන්න.
උණු වතුර භාජනයක් මත තබා ගත්ත බෝල් එකකට චොක්ලට් ටික දාලා චොක්ලට් ටික දිය කරගන්න (Double boil)
එයටම ක්‍රීම් චීස් ටික එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. නිවෙන්නට හැර බිත්තර කහ මද එක් කර නැවත මිශ්‍ර කරගන්න.
බිත්තර සුදු මද ටික පෙන නැගී හිම මෙන් වනතුරු හොඳින් බීට් කරගන්න.
චොකලට් මිශ්‍රණයට බිත්තර සුදු මද මිශ්‍රණය ටික ටික හෙමින් හැන්දකින් පෙරලමින් මිශ්‍ර කරගන්න.
හොඳින් බටර් ගා තෙල් කඩදාසි අතුරාගත් අඟල් 8ක විශ්කම්බය ඇති රවුම් තැටියකට මෙම මිශ්‍රණය දමාගන්න.
වෙනත් තැටියකට උණුවතුර දමාගෙන එය මත කේක් තැටිය තබා සෙල්සියස් 180ට කලින් රත්කරගත් උඳුනක තබා විනාඩි 40ක් 45ක් බේක් කරගන්න. උඳුන නිවා දැමූ පසු තවත් විනාඩි 15ක් උදුනේම තියෙන්නට හැර එලියට අරගන්න.