Kitchen
චොක්ලට් බනානා පුඩිං
අවශ්‍ය වන්නෙ :-
පාන් පිටි - 650g
මාගරින් - 150g
කපාගත් කෙසෙල් ගෙඩි - 5
සීනි - 200g
කිරි - 150ml
බිත්තර - 3
බේකිං සෝඩා තේ හැඳි - 1
කපා ගත් පොඩි චොක්ලට් කෑලි - 50g
සාදන ආකාරය :-
පළමුව පිටි සහ බේකිං සෝඩා එකට හලා ගන්න. පසුව එම පිටි භාජනයකට දමා එයට මාගරින් එකතු කර අතින් හොඳින් පොඩිකර ගන්න.
දැන් කපාගත් කෙසෙල් පිටිවලට දමා කලවම් කරන්න. අනිකුත් සියලුම ද්‍රව්‍ය ද එකතු කර කලවම් කර අවසානයේ එයට චොක්ලට් කෑලි එකතු කරන්න.
පසුව මෙම පුඩිං මිශ්‍රණය සුදුසු තෙල් බෝල් එකකට දමා ඇළුමේනියම් පොයිල් එකකිං වසා වතුර 1/2 පමණ පිරවූ තැටියක් මත තබා සෙල්සියස් අංශක 160 උෂ්ණ්තවයේ පැයක් පමණ බේක් කරගන්න.