Kitchen
චයිනීස් සී ෆුඩ් සුප්
අවශ්‍ය දුව්‍ය
කැබලි කපාගත් මාළු,ඉස්සන්,දැල්ලන් 400g
කුඩා පොකිරිස්සන් 100g
තම්බාගත් කකුළුවන්ගේ මස් 100g
තම්බාගත් නූඩ්ල්ස් 50g
කළු සහ සුදු ෆන්ගස් 40g(හතු විශේෂයක්)
පෙති කපාගත් කළු හතු හා බට්න් හතු 40g
තම්බා කපාගත් කැරට් හා බ්‍රොකලි 80g
කපාගත් නිවිති කොල 40g
ලුණු අවශ්‍ය පමණට
ගම්මිරිස් අවශ්‍ය පමණට
රසකාරක අවශ්‍ය පමණට
සීනි අවශ්‍ය පමණට
වතුර 1500Ml
කෝන්පිටි 50g
බිත්තර 02
කුඩාවට කපාගත් පාස්ලි 25g
ඔයිස්ටර් සෝස් 2Tsp
චිකන් සීසනින් කැට 01
සදන ක්‍රමය
වතුර ලිප තබා උතුරන විට කපාගත් මාළු, ඉස්සන්, දැල්ලන්, පොකිරිස්සන් එකතු කරන්න.මෙය තැම්බීගෙන එනවිට රසකාරක වර්ග දමා පදම් කරන්න.දැන් ක්‍රමයෙන් අමු එළවළු,තම්බාගත් එළවළු හා හතු එකතු කරන්න.ඉන්පසු නූඩ්ල්ස් එකතු කරන්න.දැන් චිකන් සීසනින්ද එකතු කරන්න.දියකරගත් කෝන්පිටි ටිකක් එකතු කර මිශ්‍රකරන්න. දැන් තම්බාගත් කකුළු මාළුද එකතු කරන්න.එයටම බිත්තරද, ඔයිස්ටර් සෝස්ද එකතු කරමින් කූරු ගාමින් පිසින්න.දැන් රසබලා සුප් බදුන්වලට දමා කුඩාවට කපාගත් පාස්ලිදමන්න.
kamubomu.wordpress.com