Kitchen
ගෝදම්බ රොටී
අවශ්‍ය දුව්‍ය
පාන්පිටි 01Kg
ලුණු
තෙල් අවශ්‍ය පමණට
සාදන ආකාරය
පාන්පිටි ලුණු හා තෙල් අවශ්‍ය පමණට මිශ්‍රකරගනිමින් ඇල්වතුරෙන් අනාගන්න. ඉන්පසු පැය දෙකක් පමණ තුනී තැටියක තිබෙන්නට හරින්න. ඉන්පසු අනාගත් පිටි වලින් කුඩා කොටස් ගෙන බෝල වශයෙන් සකස්කර තැටිය මත තුනී කරගන්න. මෙසේ තරමක් තුනී කරගත් පිටි රොටිය රත්කරගත් තැටියක උස්ස උස්සා තැටිය මත ගසමින් විනාඩි තුනක් පමණ රත්කරගන්න. ඉන්පසු රොටිය ලේන්සුවක් ආකාරයට නවාගන්න. දැන් මෙය ඔබ කැමති ආකරයට කැමති දෙයක් සමග ආහාරයට ගතහැකියි