Kitchen
ග්ලේස්ඩ් බේක් හැම්
අවශ්‍ය වන්නෙ:-
හැම් කුට්ටි (කුකුල් මස්) - 1kg
අබ ක්‍රීම් මේස හැඳි - 3
පැණි මේස හැඳි - 4
ගම්මිරිස් කුඩු තේ හැඳි - 2
පදමට ලුණු
සිහින්ව කපාගත් රොස්මෙරි - 5g
අන්නාසි කෝඩියල් මේස හැඳි - 3
එළවළු තෙල් මේස හැඳි - 2
පිළියෙල කරන ආකාරය:-
පළමුව හැම් කුට්ටිය වටේට පිහි තුඩකින් කුඩා කැපුම් පාරවල් දමා ගන්න. ඉන්පසුව භාජනයක් ගෙන අනිකුත් සියලු ම ද්‍රව්‍ය දමා හොඳින් කලවම් කර ගන්න. දැන් එම ද්‍රව්‍ය හැම් කුට්ටිය මත ආලේප කරන්න. පසුව රොස්ටින් ට්‍රේ එකක තබා පැය 3ක් පමණ ශීතකරණයේ තබා නැවතත් ද්‍රාවණය ගාගන්න. ඉන්පසුව සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වය ඇති පෝරණුවක විනාඩි 25 - 30 පමණ හොඳින් බේක් කරගෙන උණු උණුවේ ම කෑම මේසයට යවන්න.
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks