Kitchen
ගස්ලබු පොල් මැල්ලුම
මේ දේවල් අවශ්‍යයි
අමු ගස්ලබු ගෙඩි = 1
ගාගත් පොල් බෑවක් පමණ
රතු ලූනු ගෙඩි = 5 - 6
සුදු ලූනු බික් = 3 - 4
අඟලක විතර ඉඟුරු කෑලි = 1
අමුමිරිස් කරල් = 4
අබ ඇට තේ හැඳි = 1
තුනපහ කුඩු තේ හැඳි = 1
ගම්මිරිස් තේ හැඳි = 1/2
කරපිංචා ඉති = 2
තෙල් මේස හැඳි = 2
(පොල් තෙල් හෝ එළවළු තෙල්)
පිළියෙල කරන ආකාරය:-
මුලින් ම ගස්ලබු පොතුහැර සිහින්ව කපා ගන්න. පසුව ගාගත් පොල් සමඟ රතු ලූනු, සුදු ලූනු, ඉඟුරු, අබ, අමුමිරිස් සහ සියලුම තුනපහ වර්ග මිරිස් කරල් හොඳින් අඹරා ගන්න.
සිහින්ව කපාගත් ගස්ලබු උතුරන වතුරේ විනාඩි 2ක් පමණ තම්බා ගන්න. පසුව වතුර පෙරා ගන්න. ඉන්පසු කට ලොකු ඇතිලියක් ළිපේ තබා එයට තෙල් දමා හොඳින් රත්වන විට එයට කරපිංචා සහ අඹරා ගත් පොල් මිශ්‍රණය දමා තෙම්පරාදු කර තම්බා ගත් ගස්ලබු ද දමා තෙම්පරාදු කර තම්බා ගත් ගස්ලබු ද දමා හොඳින් කලවම් කර මළවා ගන්න. මෙලෙස මළවා ගත් ගස්ලබු පොල් මැල්ලුම බත් සමඟ ආහාරයට කදිමයි.
silumina.lk