Kitchen
ගලේ අඹරාගත් කුකුළුමස් බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය:
කුකුළුමස් -1kg
සුදු ලූනු -30g
ඉඟුරු -30g
රතු ලූනු -30g
හීන් කොච්චි -20g
පදමට ලුණු
සේර කෑලි -2-3
ගම්මිරිස් කුඩු තේ හැඳි -1
කහ කුඩු තේ හැඳි - 1/2
බැද ගැනීමට තෙල්
සාදාගන්නේ මෙහෙමයි
කුකුළු
මස් කටු ඉවත්කර තරමක ලොකු කෑලි වලට කපාගන්න. ඉඟුරු, සුදු ලූනු, රතු ලූනු,
හීන් කොච්චි ගලේ අඹරා ගන්න. තරමක භාජනයක් ගෙන එයට කුකුළු මස් දමා අඹරාගත්
මිශ්‍රනය සහ සේර, ගම්මිරිස් , කහ දමා හොඳින් අනා සීසන් වෙන්නට තබන්න.හොඳින්
සීසන් වූ පසු කුකුළු මස් කෑලි මිරිස් ගලක තබා තලාගන්න.
අවසානයේ මෙම කුකුළු මස් පැයක පමණ කාලයක් තබා ගැඹුරු තෙලේ බැද ගන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks