Kitchen
කොස් හාල්පිටි දැවටුම
මේ දේවල් අවශ්‍යයි
හොඳින් පැසුන කොස් - 500g
(කොස් ඇට අවශ්‍ය නොවේ)
හාල් පිටි - 150g
අඹරා ගත් ඉඟුරු, සුදුලූනු - 20g
බටර් මේස හැඳි - 2
හීනියට කපාගත් මාළු මිරිස් කරල් 2 - 3
වියළි මිරිස් කෑලි - 10 - 15
(අඟලේ පමණ මිරිස් කෑලි)
ලූනු ගස් = 100g
(අඟලේ විතර කපාගත් කෑලි)
කහ කුඩු තේ හැඳි - 1/2
බිත්තර - 2
කෑලි මිරිස් තේ හැඳි - 1
සීනි තේ හැඳි - 1/2
පදමට ලුණු
බැද ගැනීමට තෙල්
පිළියෙළ කරන්නෙ මෙහෙමයි
කොස් මදුළු හීනියට කපා ගන්න. පසුව කපාගත් කොස්වලට ලුණු, ගම්මිරිස්, බිත්තර සහ හාල්පිටි එකට දමා හොඳින් කලවම් කර රත් වූ ගැඹුරු තෙලෙහි බැද ගන්න.
දැන් වෙනත් භාජනයක් ළිපේ තබා එයට බටර් දමා බටර් රත් වූ විට එයට වියලි මිරිස් කෑලි, කෑලි මිරිස්, මාළුමිරිස් ද දමා තෙම්පරාදු කර ගන්න. පසුව අනිකුත් සියලුම වර්ග සහ බැදගත් කොස් දමමින් කලවම් කර ගන්න. ළිපෙන් බා ගැනීමට විනාඩියකට පමණ පෙර ලූනු කොළ දමා කලවම් කර ගන්න. උණු උණුවෙම කෑමට ගන්න.
silumina.lk