Kitchen
කොච්චි කොළ මිශ්‍ර වැව් කරවල තෙම්පරාදුව
අවශ්‍ය වන්නෙ
වැව් කොරලි කරවල - 500 g
(තිප්පිලි, කොරලි, තිලාපි සුදුසුයි)
හීනියට ලියාගත් රතුලූනු - 200 g
හීන් කොච්චි කරල් - 5-10
කොච්චි කොළ මිටක්
කෑලි සහිත ගම්මිරිස් කුඩු තේ හැඳි - 1/2
කෑලි මිරිස් තේ හැඳි - 1
කපාගත් තක්කාලි ගෙඩි - 1
කහකුඩු තේ හැඳි - 1/2
පොල් තෙල් මේස හැඳි - 2-3
සාදන ආකාරය
කරවල තරමක් ලොකු කෑලිවලට කපා ගන්න. එයට ශීත කළ වතුර හෝ පොල් වතුර දමා හොඳින් සෝදා ගන්න. පොල් වතුරෙන් සේදීමෙන් කරවලවල ලුණු ගතිය ඉවත් වේ.
පසුව මැටි වළඳක් ළිප තබා එයට තෙල් දමා රත්වන විට කරවල දමා හොඳින් තෙම්පරාදු කරගන්න. (අවශ්‍ය නම් කරවල බැදලා ගන්නත් පුළුවන්) පසුව තෙම්පරාදු කරගත් කරවල එකටම ලූනු, කොච්චි, තක්කාලි සහ අනිකුත් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් තෙම්පරාදු කර කෑමට ගන්න.
සුදු බත්, පොල් සම්බෝල, පරිප්පුත් සමඟ කෑමට පංකාදුයි
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks