Kitchen
කුකුළු මස් ලැවරිය
අවශ්‍ය ද්‍රව්‍ය:
හාල් පිටි හෝ පාන් පිටි- 500 g
කුකුළුමස් - 300 g
ලූනු - 25 g
ඉඟුරු සහ සුදු ලූනු - 10 g
කෑලි මිරිස් තේ හැඳි -1
පදමට ලුණු
තෙල් මේස හැඳි -4
කුකුළුමස් පිරවුම සාදාගන්නේ මෙහෙමයි
මුලින්ම
කුකුළු මස් හොඳින් තම්බා ගන්න. නිවුණු පසු කටු ඉවත්කර පොඩි කෑලි වලට කපා
පොඩිකර ගන්න. ලූනු ගෙඩි පොතු ඉවත්කර හීනියට කපා ගන්න. ඉඟුරු සහ සුදු ලූනු
ගලේ අඹරා ගන්න. (බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්) දැන් තරමක භාජනයක් ගෙන ළිප
තබා එයට තෙල් ටික දමා හොඳින් රත්වූ පසු එයට කුකුළුමස්, ලූනු, අඹරාගත් ඉඟුරු
සුදු ලූනු, කෑලි මිරිස් දමා හොඳින් තෙම්පරාදු කරගන්න. දැන් මෙයට රසඅනුව
ලුණු දමා ළිපෙන් බාගන්න.
දැන් තරමක භාජනයක් ගෙන එයට පිටි දමා උණු වතුරින් අනා ඉඳිආප්ප වංගෙඩියෙන් මිරිකා සාමාන්‍ය ක්‍රමයට ලැවරිය සාදාගන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks