Kitchen
කුකුල් මස් කළු පොල් ව්‍යංජනය
අවශ්‍ය වන්නෙ:-
කපාගත් කුකුල් මස් - 1kg
කබලේ බැඳගත් පොල් - 30g
කබලේ බැදගත් තුනපහ හැඳි - 3
බැදගත් මිරිස් කුඩු තේ හැඳි - 2
ගම්මිරිස් කුඩු තේ හැඳි - 2
කහ කුඩු තේ හැඳි - ½
අඹරාගත් ඉඟුරු, සුදුලූනු - 20g
හීනියට කපාගත් රතුලූනු - 100g
රම්පෙ, කරපිංචා, එනසාල්, කරාබු නැටි - 3 – 4
තෙල් මේස හැඳි - 2 - 3
තක්කාලි - 100g
පිළියෙල කරන ආකාරය:-
පළමුව කුකුල් මස් පොඩි කෑලිවලට කපා එයට සියලුම තුනපහ වර්ග, සහ ලුණු, ඉඟුරු, සුදු ලූනු දමා මස් ටික හොඳින් සීසන් කරගන්න. පොල් රන්වන් පාට වන තෙක් කබලේ බැඳගෙන අඹරා ගන්න.
දැන් භාජනයක් ලිප තබා එයට තෙල් දමා රත් වනවිට එයට කපා ගත් ලුනු, රම්පෙ, කරපිංචා, එනසාල්, කරාබු නැටි දමා තෙම්පරාදු කරගන්න.
ඉන්පසු එයට පදම් (සීසන්) කරගත් කුකුල් මස් දමා මඳ ගින්නේ හොඳින් පිසගන්න. එයට අඹරාගත් පොල් එක්කර වතුර අඬුකෝප්ප එකක් දමා හොඳින් පිස ගන්න.
බලන්න කුකුළුමස් කළු පොල් මාළුව මොනතරම් රසවත් ද කියලා.
Wmqgd .ekSu wo forK fjí wvúh