Kitchen
කානිවල් බත
සහල් - 500 g
සුප් කැට - 2
ලියාගත් ලොකු ලූනු - 100 g
ලීක්ස් - 100 g
තලාගත් ඉඟුරු තේ හැඳි - 1
තලාගත් සුදුලූනු තේ හැඳි - 1
රම්පෙ කැබැලි
කරපිංචා ඉත්තක්
කරාබු නැටි - 2 - 3
තම්බාගත් බිත්තර - 4
බැද ගැනීමට බිත්තර - 2
තලාගත් එනසාල් - 4, 5
මාගරින් මේස හැඳි - 2ක්
සොසේජස් කරල් - 4ක් 5ක්
පිළියෙල කරන ආකාරය
රම්පෙ, කරපිංචා, තලාගත් එනසාල්, කරාබු නැටි, ලුනු සහ සුප් කැට එක්කර බත පිසගන්න. ඒ අතර බිත්තර දෙකක් ගෙන භාජනයකට දමා හොඳින් ගසාගෙන බැදගන්න. බිත්තර සිහිනව කපා ගන්න. අවශ්‍ය නම් ආහාර වර්ණක භාවිත කරමින් වර්ණවත් කරගන්න.
සහල් හොඳින් සෝදා රම්පෙ, කරපිංචා, තලාගත් එනසාල්, කරාබු නැටි, ලුණු සහ සුප් කැට එක්කර බත පිසගන්න. ඒ අතර බිත්තර දෙකක් ගෙන කඩා භාජනයකට දමා හොඳින් ගසාගෙන සෝස් පෑන් එකකින් බැදගන්න. මෙසේ බැදගත් බිත්තර සිහින්ව කොටු කපා ගන්න. (අවශ්‍ය නම් ආහාර වර්ණක එක් කරමින් වර්ණවත් කරගන්නත් පුළුවන්. මේ සඳහා වර්ණ කීපයක් වුව භාවිත කළ හැකියි.)
දැන් තම්බාගත් බිත්තර හතර ගෙන දික් අතට දෙකට පලා සුදු මදය වර්ණ ගන්වා ගන්න. සෝස් පෑන් එකට තෙල් බිංදු කීපයක් දමා රත්වූ විට සොසේජස් බැදගෙන කුඩා පෙති කපා ගන්න. ඉන්පසු තරමක තාච්චියක් ගෙන එයට මාගරින් හා තෙල් දමා ළිප තබා තෙල් රත්වූ පසු ඉඟුරු, සුදුලූනු, ලියාගත් ලූනු සහ ලීක්ස් දමන්න. එය තරමක් තෙම්පරාදු වීගෙන එන විට පිසගත් බත්වලින් භාගයක් හා පෙති කපාගත් සොසේජස් එයට එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
දැන් ඉතිරි බත් ටික ගෙන ආහාර වර්ණකයක් දමා වර්ණ ගන්වා ගන්න. ඉන්පසු කෑම මේසයට යැවීමට සුදුසු තරමක බත් දීසියක් ගෙන එයට මුලින් පිස පිළියෙල කරගත් බත් දමා, ඊට සැරසිල්ලක් ලෙස පාට බත් දමන්න. එය පාට කරගත් සහ බැදගත් බිත්තරවලින් සරසා මේසයට යවන්න.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks