Kitchen
කරවල මිශ්‍ර රතු ලොවි හිඳුම
අවශ්‍ය ද්‍රව්‍ය,
හොඳින් රතු වී ඉදුණු ලොවි ගෙඩි 15
කට්ටා කරවල ග්‍රෑම් 50
රතු ළූණු ගෙඩි 10
අමු මිරිස් කරල් 04
සුදු ළූණු බික් 03
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/4
තුනපහ කුඩු මේස හැඳි 01
මිරිස් කුඩු තේ හැඳි 01
රම්පෙ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
කුරුඳු කැබැල්ලක්
දියකිරි අඩු කෝප්ප 01
මිටිකිරි අඬු කෝප්ප 01
තෙල් ටිකක්
ලුණු ස්වල්පයක්
සාදන ආකාරය,
රතු ළූණු හා අමු මිරිස් සිහින්ව කපා ගන්න
රතු ලොවි ගෙඩි හතරට පලා ඇට අස්කරගන්න
කරවලද සෝදා කුඩා කැබලිවලට කපා ගන්න
දැන් මැටි වලඳකට තෙල් ටික දමා ළිප තබන්න
දැන් රම්පෙ, කරපිංචා, රතු ළූණු, සුදු ළූණු, අමු මිරිස් සහ කරවල කැබලි දමා බැදෙන්නට හරින්න
කරවල තෙලෙන් බැදීගෙන එන විට තුනපහ වර්ග, ලොවි සහ දිය කිරි දමන්න.
නටාගෙන එන විට මිටිකිරිද දමා හිඳුවා ගන්න.