Kitchen
කටට රසට චීස් පරාටා
එලකිරි කෝප්ප හතරක් මදරසනෙන් ලිපේ තියල උතුරන්න එනකොටම විනාකිරි තේ හැදි දෙකක් කලවම් කරන්න. ටික වෙලාවකින් කිරි කැටි ගැහෙනව. මේ කිරි කැටි වලට තමයි ගෙදරදි හදාගන්න චීස් නැත්නම් පනීර් කියන්නෙ.
අවශ්‍ය ද්‍රව්‍ය
අටා පිටි කෝප්පයක්
ගී/ එලවඵ තෙල්
චීස්/ පනීර් කෝප්පයක්
පරාට මසාලා/ තුනපහ කුඩු
කුඩාවට කැපු ඵෑනු,මිරිස්
අබ කුඩු (වේලපු) ආම්චර් පවුඩර්)
ලුනු කුඩු
සාදන ක්‍රමය
හොදින් පොඩි කරගත් චීස් වලට පරාට මසාලා/ තුනපහ කුඩු,
කුඩාවට කැපු ඵෑනු,මිරිස්
අබ කුඩු (වේලපු) ආම්චර් පවුඩර්) හා
ලුනු කුඩු එක්කර හොදින් කලවම් කර පසෙකින් තබාගන්න.
බදුනක් ලිප තබා එයට ගී/ එලවඵ තෙල් මේස හැන්දක් පමන දමා මද ගින්නේ රත්කර චීස් මිශ්‍රනය , තෙත ගති හිදෙන තෙක් තෙල් දමා ගන්න.
අටා පිටි වලට වතුර හා ගී/එලවඵ තෙල් එක්කර අතේ නොඇලෙන තෙක් හොදින් අනාගන්න. පසුව කුඩා ගුලි සාදා ලෑල්ලක රොටියක් සේ තුනිකර එය මැදට කලින් සකස් කරගත් චීස් මිශ්‍රනයෙන් සෑහෙන පමන එක්කර මිශ්‍රනය වැහෙන සේ රොටිය නවාගන්න.
පසුව අටා පිටි ටික ටික ඉසිමින් එ ය නැවත රොටියක් සේ තුනි කරන්න. ( තැනින් තැන මිශ්‍රනය එලියටආවිට ඒ මතට අටා පිටි ඉස තුනීකරන්න.)
මෙසේ සාදාගත් චීස් රොටිය හොදින් රත්වු තවා/තැටියක දෙපස ගී හෝ බටර් ගාමින් විනාඩි පහක් පමන තබා ලිපෙන් බා දහි/ස්වාභාවික මුදවපු කිරි සමග ආහාරයට ගන්න.
curtesy :thinetha.com
Related