Kitchen
කජු සමඟ නෙලුම් අල
අවශ්‍ය ද්‍රව්‍ය
පෙඟෙන්නට හැර ශුද්ධ කරගත් කජු මද - 250g
පෙති කපා හොඳින් සේදූ නෙළුම් අල - 150g
සිහින්ව කපාගත් සුදුලූනු බික් - 5
සිහින්ව කපාගත් රතු ලූනු පෙති - 8
සිහින්ව කපාගත් අමු මිරිස් කරල් - 5
කැබලි කපාගත් තක්කාලි ගෙඩි - 1
අමු තුනපහ කුඩු තේ හැඳි - 2
කහ කුඩු තේ හැඳි - ½
පොල්තෙල් මේස හැඳි - 1
රම්පේ, කරපිංචා ස්වල්පයක්
අවශ්‍ය ප්‍රමාණයට ලුණු
දිය කිරි කෝප්ප - 4
මිටි කිරි කෝප්ප - 4
සාදන ආකාරය
පිරිසිදු භාජනයක් ගෙන ළිප තබා තෙල් හැඳි 1 ක් පමණ දමා රත් කරන්න.
දැන්
එයට සුදුලූනු, රතුලූනු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, කුරුඳුපොතු දමා රන්වන්
පාට වනතුරු බැද ගන්න. පසුව එයට කජු මද සහ නෙළුම් අල එකතු කර උළුහාල්,
තුනපහ කුඩු, කහකුඩු, ගම්මිරිස් කුඩු, තක්කාලි සහ ලුණු දමා හොඳින් කලවම් කර
දිය කිරෙන් තම්බා ගන්න. තැම්බුණු පසුව මිටිකිරි දමා සුළු වෙලාවක් හොඳින්
බිස ගන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks