Kitchen
කකුළුවෝ කළුපොලට
කොස්ඇට කළුපොල් කාලා තිබුණාට ඔබ කකුළුවෝ කළුපොලට උයලා රස බලලා නෑ නේද? මේ ව්‍යාංජනය ගෑවුණත් ඇති බත් පිඟානක් කන්න.
ඉතින් කකුළුවෝ ගෙනාපු දවසට මේ විදිහට හදලා රස කොහොමද බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:-
* සෝදා පිරිසුදු කරගත් කකුළුවන්
* ගාගත් පොල් ස්වල්පයක්
* හාල් මිටක්
* උළුහාල් සහ සුදුරු ස්වල්පයක්
* සුදුලූනු, ඉඟුරු
* කුඩාවට කපාගත් රටලූනු ගෙඩියක්
* කුඩාවට කපාගත් අමුමිරිස් කරල් කිහිපයක්
* කරපිංචා, රම්පෙ, සේර
* කුරුඳු, එනසාල් සහ කරාබුනැටි කිහිපයක්
* මිරිස් කුඩු, තුනපහ, කහ සහ බැදපු තුනපහ කුඩු
* ලුණු අවශ්‍ය පමණට
* පොල්තෙල්
* උකු පොල්කිරි කෝප්පයක්
* දෙහි යුෂ මේස හැන්දක්
සාදන ක්‍රමය:–
සෝදා ශුද්ධ කරගත් කකුළුවන් මතට මිරිස් කුඩු, තුනපහ, කහ, ගම්මිරිස්, ලුණු ස්වල්පය බැගින් දමා එයටම දෙහි යුෂ ද එකතුකර හොඳින් අතගා පසෙකින් තබන්න. අවම වශයෙන් මෙය විනාඩි 45 ක්වත් සීසන් වන්නට තැබිය යුතුයි.
ඒ අතරතුර ගාගත් පොල් සහ හාල් දුඹුරු පැහැ වනතෙක් කබලේ බැදගන්න. මෙය අඩු ගින්දරේ නොනවත්වා කලවම් කරමින් බැද ගතයුත්තේ බැදිල වැඩි වුණොත් කළු වෙලා කර රසක් ඇතිවීමට ඉඩ ඇති බැවිනි. මේ විදිහට බැදගත් පොල් සහ හාල් බ්ලෙන්ඩර් කරගන්න. නැතිනම් වංගෙඩියේ කොටාගන්න. ඉඟුරු සහ සුදුලූනු එකට තලා පේස්ට් එකක් සාදාගන්න. අමුමිරිස් සහ රටලූනු කුඩාවට කපාගන්න. මිරිස් කුඩු සහ තුනපහ කුඩු ද කබලේ බැදගන්න.
දැන් මැටි හට්ටියක් ළිප තබා පොල්තෙල් ස්වල්පයක් දමන්න. තෙල් රත් වූ විට තළාගත් ඉඟුරු, සුදුලූනු දමන්න. එයටම කුරුඳුපොතු කැබැල්ලක්, එනසාල්, කරාබුනැටි, සුදුරු, රම්පා, කරපිංච, සේර, රටලූනු ආදිය දමා හොඳින් තෙම්පරාදු කරගන්න. එයටම බැදගත් හාල්, පොල් මිශ්‍රණය ද එකතු කරන්න. තෙල් උරාගන්නා නිසා කැමැති නම් තව තෙල් ස්වල්පයක් එකතුකර කබලේ බැදගත් තුනපහ ටිකත් තෙම්පරාදුවට දමන්න.
මේ වනවිට හොඳ සුවඳක් පැතිරෙන අතර දැන් පසෙකින් තැබූ කකුළුවන් මිශ්‍රණය තෙම්පරාදුවට එකතු කරමින් හොඳින් කලවම් කරන්න. අනතුරුව කකුළුවෝ බාගෙට වැසෙන පරිද්දෙන් වතුර එකතු කරන්න. කපාගත් අමුමිරිස්, උළුහාල් සහ අවශ්‍ය නම් ලුණු ද දමා ගින්දර වැඩිකර පිසගන්න. වතුර හිඳීගෙන එනවිට මිටිකිරි සහ බැදපු තුනපහ ටිකක් ද ඉස ඉස්ම හිඳෙනතෙක් පිසගන්න.
tharunie.lk