Kitchen
ඉවතලන කෙහෙල් පොත්තෙන් රජ බොජුනක් හදමු
අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් මේරූ අළු කෙසෙල් ගෙඩි 5 ක පමණ පොතු
කැබලි මිරිස් හැඳි 3 ක්
අමු තුනපහ හැඳි 1 ක්
කහ හැඳි භාගයක්
කරපිංචා මිටක්
ලොකු ළූණු ගෙඩියක්
අමුමිරිස් කරල් 5 ක්
අබ ස්වල්පයක්
උම්බලකඩ හෝ කරවල ( කුඩා කැබලි වලට කපා ගන්න)
හදාගන්න ක්‍රමය
මුලින්ම
කෙසෙල් පොතු හීනියට ලියා ගන්න. ළූණු හීනියට කපා අමු මිරිස් දිගු අතට කපා
ගන්න. ඉන් පසු කරවල කැබලි කපා ගන්න. උම්බලකඩ නම් තරමක් විශාල කැබලි වලට කපා
ගන්න.
පොල් තෙල් තේ හැඳි 2 ක් පමණ භාජනයකට දමා රත් වෙන්නට හරින්න.
අබ ස්වල්පය එහි දමා පිපිරෙන විට කරවල / උම්බලකඩ බැදෙන්න දමන්න. ටික වෙලාවක්
කරවල බැදුන පසු අළු කෙසෙල් පොතු, ළූණු, අමුමිරිස්, තුනපහ, කහ, කෑලි මිරිස්
එයට දමා හොඳින් කවලම් කරන්න.
ඉතාම මද ගින්නේ පියනකින් වසා විනාඩි කීපයක් පිස ගන්න.
බත් සමග පිළිගන්වන්න. රසයෙන් ඉහළයි.