Kitchen
ඉඟුරු දෝසි පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය
බටර් - 500 g
සීනි - 1 kg
බිත්තර - 6
ඉඟුරු දෝසි - 750 g
කේක් කුඩු - 500 g
චෙරි - 100 g
වියළි මිදි - 250 g
දෙහි පොතු - 5 g
වැනිලා එසන්ස් තේ හැඳි - 1/2
සාදන්නේ මෙහෙමයි
පළමුව සීනි ග්‍රෑම් 500ක් සහ බටර් ගෙන හොඳින් මිශ්‍ර කරගන්න. දැන් බිත්තර සුදු මද ගෙන ඉතිරි සීනි සමඟ හොඳින් බීට් කරගන්න. පසුව මිශ්‍රණ දෙකම එකට දමා එයට චෙරි, වියළි මිදි, ඉඟුරු දෝසි පොඩියට කපා දමන්න. ඉන්පසු අනිකුත් සියලුම දේ එකට දමා කළවම් කර සෙල්සියස් අංශක 150 - 180 උෂ්ණත්වයේ විනාඩි 80ක් බේක් කරගන්න.
silumina.lk