Kitchen
ආහාර අපතේ යෑම වළක්වන ක්‍රම
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් කරන ලද පර්යේෂණයකින් වසරකට බිලියන ටොන් 1.3 ට ආසන්න ප්‍රමාණයකින් ආහාර අපතේ යන බව සොයාගෙන ඇත. මේ අපතේ යෑම වළක්වා ආහාර හා මුදල් අරපිරිමැස්මෙන් භාවිත කරන ආකාරය දැනගන්න ගෘහණියක් ලෙස ඔබ මේ කාරණා ගැන දැනුවත් වන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
අල 200ඨ
බීලූනු (ලියාගත්) 50ඨ
සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 4
චොප් කරගත් තක්කාලි ගෙඩි 1
සුදුලූනු බික් 2-3ක්
කරපිංචා කිනිත්තක් (සිහින්ව ලියාගත්)
ගම්මිරිස් තේ හැන්දක්
කහ කුඩු ස්වල්පයක්
ලුණු අවශ්‍ය පමණට
තෙල් හෝ බටර් මේස හැන්දක්
අබ තේ හැඳි 1/2ක්
සූදුරු තේ හැඳි 1/4ක්
සාදන ක්‍රමය
අල සුද්ද කර පොඩි කොටු කපා ගන්න. එය තම්බා ගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් හෝ බටර් දමා රත් වන විට අබ, සූදුරු, කරපිංචා දමා එයට කපාගත් ලූනු, අමුමිරිස්, සුදුලූනු එක් කර රන්වන් පාට වන තුරු බැදගන්න. එයට කහ කුඩු, ගම්මිරිස් හා තක්කාලි එකතු කර එයභ තම්බාගත් අල දමා කලවම් කර පසෙකින් තබා ගන්න.
පසුව රොටී මිශ්‍රණය ගෙන තුනී කර රවුම් කපා ඒ මතට ඉහත මිශ්‍රණයෙන් ටිකක් තබා එය උඩින් තවත් රවුමක් තබා වටේට ගෑරුප්පුවකින් තද කර රොටී පුච්චන ආකාරයට සාදා ගන්න.
සාප්පු සවාරි යන විට
වෙළෙඳසලට යෑමට පෙර ඔබට අවශ්‍ය ආහාරවල ලැයිස්තුවක් සකසා ගන්න. කුසගිනි ඇති විට නොව ආහාර ක්‍රමයෙන් අඩුවන විට අවශ්‍ය ආහාරවල ලැයිස්තුවක් සකසා ඒ අනුව භාණ්ඩ මිලට ගන්න.
කැබැලි කපා ගත් මස් මිලට ගන්න
මස් වැනි ආහාර මිලට ගන්නා විට තද දුඟදක්, අඳුරු පැහැති බවක් දැනෙයි නම් ඒවා ඉවත් කරන්න. කොටස් වෙන් කරගත් මස් මිලට ගැනීමෙන් එය අවම කරගත හැකියි. නමුත් නරක් වූ දුගඳ ඇති මස් අතපසු වීමකින් හෝ මිලට ගත්තේ නම් එය විසි කරන්න.
රාත්‍රි ආහාර ඉවත් නොකරන්න
රාත්‍රියේ පිසගත් ආහාර ඉතිරි වේ නම් ඒවා හොඳින් වසා ශීතකරණ ගත කර තබා පසුදින ආහාරයට ගන්න.
වෙනත් ආහාර පිසගන්න
මෘදු හා මඳක් තෙත සහිත පලතුරු කැබැලි ඉවත් නොකරන්න. එම ආහාර ස්මුති හෝ අතුරුපස සැකසීමට ගත හැකියි. එළවළුවලින් නම් සුප් වැනි පෝෂණීය පානයක් සාදා ගන්න පුළුවන්.
ආහාර හොඳින් අසුරා තබන්න
අමු මස් ගෙනා විට අධිශීතකරණයේ අසුරා තබන්න. පිසගත් ආහාර ඉවත් කරන ආහාර අසල නොතබන්න. කිරි සහිත ආහාර ශීතකරණයේ රාක්කවල අසුරන්න. ඒවායේ නැවුම් බව ආරක්ෂා කර ගැනීමට සෙල්සියස් අංශක 1 - 5ක් අතර ඒවා අසුරා තබන්න. පෙට්ටිගත කරන ලද ආහාර වියළි අඳුරු ස්ථානයක අසුරා තබන්න.
ඔබට අනවශ්‍ය දෙයින් අෑත්වන්න
ඔබ ගන්නා ආහාරවලින් ඉතිරි වන දෑ විසි නොකර නිවෙසේ සුරතලාට ලබාදෙන්න. නමුත් ඊට පෙර ඒවා කල් ඉකුත් වී ඇත්දැයි සොයා බලන්න.
පොහොර සෑදීමට ගන්න
එළවළු ආහාරයට ගැනීමට පෙර සූරා ඉවත් කරන පොතු හෝ ලෙලි මෙන්ම වෙනත් දිරන ආහාර ද්‍රව්‍ය ඉවත් නොකර ගෙවත්තේ කොනක කොම්පෝස්ට් වළක් සාදා එයට එක් කර තබන්න. එය කලක් ගත වූ පසු ඔබේ වගාවට එක්කර ගත හැකි කදිම කාබනික පොහොරකි.
Wmqgd .ekSu u