Kitchen
අවන් එකක් නැතුව Pizza ගෙදරදීම හදමුද?
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 200 g
වියලි යීස්ට් තේ හැඳි 1 යි
ලුණු ස්වල්පයක්
වතුර අවශ්‍ය පමණ
ඔලිවු තෙල්
තක්කාලි
බී ළූණු
මොසරැල්ලා චීස් ( නැත්නම් අනික් චීස් උනත් කමක් නැහැ)
අමුමිරිස්
සුදු ළූණු
ගම්මිරිස්
රෝස් කරපු චිකන් සහ ඉස්සෝ
කපා ගත් බෙල් පේපර් ගෙඩි දෙකක් ( රතු සහ කොළ)
ඔලිවු ගෙඩි
කෑලි මිරිස්
ඔරිගානෝ
සදා ගන්නා ආකාරය
පාන්පිටි, යීස්ට්, ලුණු, ඔලිවු තෙල් සහ ජලය දමා හොඳින් අනා ගන්න. මෙම dough එක භාජනයකට දමා රෙදි කඩකින් හොඳින් වසා පැය භාගයක් පමණ තබා ගන්න.
තක්කාලි විනාඩි පහක් පමණ උණු වතුරේ තබා පොතු ගලවා සුදු ළූණු සමග බ්ලෙන්ඩ් කර ගන්න. පෑන් එකකට ඔලිවු තෙල් දමා රත් කර එයටම කෑලි මිරිස් , ඔරිගානෝ සහ සුදුලූණු තක්කාලි පේස්ට් එක දමා ලුණු ද දමා වතුර හිඳෙන තුරු හදා පිස ගන්න. දැන් මෙන්න Pizza සෝස් එක ලැහැස්තියි.
දැන් කලින් හදා ගත්ත පාන් පිටි dough එක රවුමට තුනී කර ගන්න.
අවන් එකක් නැත්නම්
රොටිය නොන් ස්ටික් පෑන් එකක තබා හොඳින් පුළුස්සා ගන්න. අමතක කරන්න එපා රොටිය සුමුදු ලෙස පිපෙන්න නම් ඉතාම මද ගින්දරේ තිබිය යුතුමයි.
ඉන් පසු පිළිස්සුන රොටිය මත හදාගත් සෝස් එක හොඳින් අලේප කරන්න. ඉන්පසු එහි මොසරල්ලා චීස් අතුරන්න. ඉන්පසු රොස්ට් චිකන් කැබලි සහ ඉස්සෝ අතුරන්න. ඉන් පසු කපාගත් බී ළූණු, බෙල් පේපර් සහ ඔලිවු ගෙඩි තිබේනම් අතුරන්න. උඩින් චීස් තට්ටුවක් නැවත අතුරන්න. උඩට ඔලිවු තෙල් ඉස ගන්න.
රොටිය නැවත මේ සියලු දේවල් සමග නොන්ස්ටික් පෑන් එකේ දමා වසා මද ගින්දරේ පිස ගන්න.
අවන් එකක් ඇත්නම්
රොටිය කලින්ම පුළුස්සන්නේ නැතුවරොටිය උඩට හදාගත් සෝස් එක හොඳින් අලේප කරන්න. ඉන්පසු එහි මොසරල්ලා චීස් අතුරන්න. ඉන්පසු රොස්ට් චිකන් කැබලි සහ ඉස්සෝ අතුරන්න. ඉන් පසු කපාගත් බී ළූණු, බෙල් පේපර් සහ ඔලිවු ගෙඩි තිබේනම් අතුරන්න. උඩින් චීස් තට්ටුවක් නැවත අතුරන්න. උඩට ඔලිවු තෙල් ඉස ගන්න.
තැටිය පිටින්ම අවන් එකට දාල හදා ගන්න.