Kitchen
අඹ මිශ්‍ර මී කිරි කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුණු අඹගෙඩි 2
මුදවපු මී කිරි 500ml
ජෙලටින්- 30g
කුඩු කරගත් නයිස් බිස්කට් 100g
බටර් මේස හැඳි1
පදමට සීනි
සාදන ආකාරය -
පළමුව
අඹ, වතුර අඬු කෝප්ප 1/2 ක් පමණ දමා හොඳින් ගසා ගන්න. පසුව එයට මී කිරි
හොඳින් මිශ්‍ර කර කර ගන්න. ඉන්පසුව උණු වතුර අඬු කෝප 1/4ක පමණ ජෙලටින් දිය
කර ගන්න. දැන් සීනි සමඟ අඹ, මී කිරි සහ ජෙලටින් හොදින් කලවම් කරන්න. පසුව
නයිස් බිස්කට් සමඟ බටර් එකට කළවම් කර සුදුසු භාජනයක යටට දමා හොඳින් අතින්
තද කරන්න. දැන් එයට උඩින් මී කිරි මිශ්‍රණය දමා ශීතකරණයේ දමා සෙට් වුණු පසු
කෑමට ගන්න.
Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks