Kitchen
අපෙන් අෑත්වෙලා යන ගමේ කෑම
රාවණාගේ කාලයේ ආහාරයක්"තලප" ගැන පොත්පත්වල ලියැවෙන්නේ රාවණ රජ කාලයේ පටන්. විවිධාකාර තලප වර්ග ගැන ඉතිහාසය පුරාම කියැවෙනවා. අතීතයේ ඉඳන්ම තලප දියරයක් විදියටත් ගන ද්‍රව්‍යයක් විදියටත් උයන්න පැරැන්නෝ පුරුදු වෙලා හිටියා. කුරක්කන් පිටි, කිතුල් පිටි තලප අද වෙද්දි නම් අපේ ආහාර රටාවෙන් අෑතට යනවා.
රාවණාගේ කාලයේ ආහාරයක්
"තලප" ගැන පොත්පත්වල ලියැවෙන්නේ රාවණ රජ කාලයේ පටන්. විවිධාකාර තලප වර්ග ගැන ඉතිහාසය පුරාම කියැවෙනවා. අතීතයේ ඉඳන්ම තලප දියරයක් විදියටත් ගන ද්‍රව්‍යයක් විදියටත් උයන්න පැරැන්නෝ පුරුදු වෙලා හිටියා. කුරක්කන් පිටි, කිතුල් පිටි තලප අද වෙද්දි නම් අපේ ආහාර රටාවෙන් අෑතට යනවා.
සැරට සහ පැණි රසට
කුරක්කන් පිටිවලින් තලප හදන කොට පැණි රහට වගේම ටිකක් සැරටත් තලප හදන්න පුළුවන්. තලප හදද්දි මුලින්ම කුරක්කන් පිටි දියකිරිවල හොඳින් දිය කරගන්න ඕනේ. කුරක්කන් පිටි 40ඨ ගත්තොත් පොල් කිරි 100ථතක්වත් ගන්න. හැම තිස්සේම මේ අනුපාතයටම කුරක්කන් පිටි සහ පොල් කිරි එකතු කරන්න. නැත්නම් තිත්ත රහක් දැනෙයි. හොඳින් කලවම් කරගත්ත පොල් කිරි සහ කුරක්කන් මිශ්‍රණය අබ, උළුහාල්, හීනියට ලියා ගත්ත රතු ලූනු, සුදුලූනු, රම්පේ, කරපිංචා ටිකකුත් එකතු කරලා ළිපේ තියන්න. ළිපේ තිබ්බ වෙලාවේ ඉඳලම තලප එක හොඳින් හැඳි ගාන්න. එහෙම නැති වුණොත් තලප එක අඩිය අල්ලනවා. පිටි හොඳට කලවම් වුණේ නැත්නම් තලප කද්දි අමු රහක් දැනෙනවා. මේ වැඩේ කිසිම වෙලාවක කලබලේ නම් කරන්න බැහැ. ඒ හින්දා නිවාඩු පාඩුවේ හොඳට වෙලාව අරගෙන තලප හදන්න මතක තියාගන්න.
දියාරුවට හදාගත්ත කිරි හොද්දකුයි ලුණු මිරිසකුයි තිබ්බම ඇති තරම් තලප කන්න පුළුවන්.
පැණිරස තලප
පැණි රහට තලප හදද්දි කුරක්කන් පිටිවලට පොල් කිරි එකතු කරලා ඒකටම ලියා ගත්ත හකුරු ටිකක් ගාගත්ත පොල් ටිකක් එනසාල් ඇටයක් දෙකක් එකතු කරන්න. ළිපේ තියලා හොඳට ඉදුණට පස්සේ කැන්දකොළ ගොටුවලට දාලා හොඳට නිවෙන්න තියන්න.
එහෙම නැත්නම් කුරක්කන් ගාගත්ත පොල් හකුරු සමඟ පොල් මිටි කිරිවලින් හොඳට අනාගෙන ටික ටික කැන්ද කොළවලට දාලා ඔතලා වණ්ඩුවේ තම්බ ගන්න.
කඩල, කව්පි වගේ ඇට වර්ගවලිනුත් මේ විදියටම තලප හදාගන්න පුළුවන්. කඩල පිටි හරි කව්පි පිටිකිරි අරගෙන දියකිරි එකතු කරලා රම්පෙ කරපිංචා සුදුලූනු, රතුලූනු, අබ, උළුහාල් එකතු කරලා ළිපේ තියලා හැඳි ගාන්න. එහෙම නැත්නම් හකුරුයි, ගාගත්ත පොලුයි, එකතු කරගන්න.
අල බෝල කරිය
ඉන්දියාවේ නම් අල හොඳට තම්බලා පොඩිකරලා ඒකටම කඩල පිටි එකතු කරනවා. එළඟි තෙල් ටිකක් ළිපේ තියලා ඒකට අබ ඇට ටිකක් පුපුරන්න දානවා. ඊට පස්සේ හීනියට කපාගත්ත. රතු ලූනු, අමු මිරිස්, සුදුලූනු, ලුණු, ගම්මිරිස් එකතු කරලා අලයි, කඩල පිටියි මිශ්‍රණය මේ බැදුමට එකතු කරලා හොඳට තෙම්පරාදු කරගන්නවා. මේ තෙම්පරාදුව ටිකක් නිවුණට පස්සේ තරමක් බෝල හදාගන්නවා. හොඳට හොද්දක් හදාගෙන හදාගත්ත අල බෝල ටික හොද්දට දාලා ටිකක් වෙලා උයාගන්නවා. ඉන්දියාවේ මේ කරියට කියන්නේ අල බෝල කරිය කියලා.
නිර්මාංස අයට
මස්, මාළු කන්නේ නැති අයට කුරක්කන් බෝල කරිය නම් පංකාදු කෑමක්. කුරක්කන් පිටිවලට ගාගත්ත පොල් ටිකකුයි ලුණුයි එකතු කරලා අතේ නොඇලෙන පදමට වතුරෙන් අනාගන්න ඕනේ. හරියට පොල් රොටියට පිටි අනනවා වගේ. මේ පිටි ටික හොඳට අනලා පොඩි පොඩි පිටි බෝල හදාගෙන පැත්තකින් තියන්න. පොල් කිරිවලට ලුණු, කහ, හීනියට ලියාගන්න ලූනූ, සුදුලූනු, රම්පෙ, කරපිංචා, උළුහාල් එකතු කරලා ළිපේ තියලා කිරි හොද්ද හදාගන්න. හොද්ද ටිකක් උතුරන කොට හදාගත්ත කුරක්කන් බෝල ටික එකතු කරලා විනාඩි 7ක් විතර උයාගන්න. මේ කරි එක කුකුළු මස් කරියක්, සෝයා කරියක් හැදුවා වගේම රසවිඳින්න පුළුවන්.
කිතුල් පිටි කැඳ
උදේට කිතුල් පිටි කැඳ කෝප්පයක් බොන්න පුළුවන් නම් හරි ගුණයි. ඒත් ඇඟ උෂ්ණ අයට නම් කිතුල්පිටි කියන්නේ සීතල කෑමක්. පොල් කිරිවලට කිතුල් පිටි ටික දාලා හොඳට කලවම් කරගෙන ඕන නම් ඒකට සුදු කැකුළු හාල් බත් ටිකකුත් එකතු කරලා ළිපේ තියලා හොඳට හැඳි ගාලා කැඳ හදා ගන්න. උණුවෙන් කැඳ එක බොනවා නම් තමා හොඳ. එහෙම නැති වුණොත් කැඳ එක ටිකක් ගන වෙන්න පුළුවන්.
කිතුල් පිටි තලප
කුරක්කන් තලප හදනවා වගේම කිතුල් පිටිවලිනුත් තලප හදා ගන්න පුළුවන්. ළිපේ තියලා හොඳට හැඳිගාලා අවශ්‍ය පදමට ගන වුණාම ළිපෙන් බාලා පොල් තෙල් තැවරුව කෙසෙල් කොළේකට හරි කැන්ද කොළේකට හරි දාලා කුටිටි හදාගන්න. මතක ඇතුව උණුවෙන්ම කෑමට ගන්න. එහෙම නැති වුණොත් නිවුණට පස්සේ ගලක් වගේ හයි වෙලා තියෙයි.
කඩල පිටි රොටි
හැමදාම කන පොල් රොටිය වෙනුවට කඩල පිටි රොටියක් කාලා බලන්න. මේ තියෙන්නේ කඩල පිටි රොටි හදන විදිය. කඩල පිටි 100ඨකට හාල් පිටි 50ඨ එකතු කරන්න ඕනේ. කඩල පිටි ටික රෙදි පොට්ටනියක බැඳලා හුමාලයෙන් තම්බ ගන්න. කඩල පිටි ටික නිවුණට පස්සේ හාල් පිටි ටිකක් එකතු කරලා හීනියට කපාගත්ත ලූනු, සුදුලූනු, අමුමිරිස්, කරපිංචා ගාගත්ත පොල්, ලුණු එකතු කරලා උණු වතුරෙන් අනාගන්න.
පොල් තෙල් ගෑව තැටියක රවුමට තුනී කරගෙන කබලේ තියලා පුච්චගන්න. ඉස්සර නම් මේ විදියට හදාගත්ත රොටි බට පතුරු වට්ටිවල දාලා හුමාලයෙන් තම්බ ගන්නවා. අබ තෙම්පරාදු කරලා හදාගත්ත පරිප්පු හොද්දට, උම්බලකඩ සම්බෝලයට මේ කඩල රොටි හොඳටම ගැළපෙනවා.
හුමාලයෙන් තැම්බූ කුරක්කන් රොටි
කුරක්කන් රොටි හදන්නේ කබලේ පුච්චලානෙ. ඒත් වෙනසකටත් එක්ක හුමාලයෙන් තම්බලා කුරක්කන් රොටියක් හදලා බලන්න. මුලින්ම උම්බලකඩ ටිකක් හීනියට ලියාගෙන වතුරේ පොඟවලා දිය බේරෙන්න පැත්තකින් තියන්න. ලියාගත්ත, ලූනු, රම්පෙ, කරපිංචා අබ තෙලට දාලා ළිපේ තියන්න. මඳ රස්සෙන් ලූනු ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ උම්බලකඩ, කෑලි මිරිස්, ලුණු, සියඹලා, ගම්මිරිස් එකතු කරන්න. අවශ්‍ය නම් සීනි චුට්ටකුත් එකතු කරන්න. ළිපෙන් බාලා හොඳට නිවෙන්න තියෙන්න.
කුරක්කන් පිටි 100ඨක් පාන් පිටි 50ඨක් එකතු කරල ගත්තා පොල් බෑගයක් සහ ලුණු එකතු කරලා වතුරෙන් හොඳට අනාගන්න. විනාඩි 10ක් විතර පැත්තකින් තියලා රවුමට තුනී කරගන්න. හදාගත්ත උම්බලකඩ මිශ්‍රණය රොටියේ මැද්දට තියලා සීල් කරගෙන විනාඩි 15ක් විතර ස්ටීම් කරගන්න. වෙනදට කන කුරක්කන් රොටිවලට වඩා වෙනස්ම රහක් දැනේවි.
Wmqgd .ekSu u