Kitchen
අන්නාසි සහ කජු මිශ්‍ර කුකුළු මස්
අවශ්‍ය ද්‍රව්‍ය :-
කපාගත් කුකුළු මස් - 500g
කිරි කජු - 50g
කුඩාවට කපාගත් අන්නාසි - 100g
තෙල් මේස හැඳි - 2
අඹරාගත් ඉඟුරු, සුදුලූනු - 10g
කපාගත් ලූනු - 100g
කෑලි මිරිස් තේ හැඳි - 1
ගම්මිරිස් තේ හැඳි - 1
ඔයිස්ටර් සෝස් මේස හැඳි - 5
සෝයා සෝස් මේස හැඳි - 1
තක්කාලි සෝස් මේස හැඳි - 5
සීනි තේ හැඳි - 1
පිළියෙල කරන ආකාරය :-
පළමුව
කුකුළු මස් පොඩිවට කපාගෙන එයට ලුණු, ගම්මිරිස් දමා සීසන් කර රත්වූ තෙලෙහි
බැද ගන්න. පසුව සුදුසු භාජනයක් ලිපතබා එයට තෙල් මේස හැඳි 2 - 3 ක් දමා
රත්වන විට ඉඟුරු, සුදුලූනු එක්කර තෙම්පරාදු කරන්න. දැන් එයට මස් හැර
අනිකුත් සියලුම ද්‍රව්‍ය එකතු කරන්න. ඉන්පසුව හොදින් උතුරන විට බැදගත් මස්
එකතු කර කලවම් කර ලිපෙන් බා ගන්න.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks