Kitchen
අන්නාසි පුඩිම
මේවා අවශ්‍යයි
අන්නාසි ගෙඩි - 1
ටින් කිරි ටින් - 1
ජෙලටින් තේ හැඳි - 2
සීනි - 300 g
වැනිලා තේ හැඳි - 1
කජු - 50 g
වියළි මිදි - 50 g
සාදාගන්නෙ මෙහෙමයි
මුලින්ම අන්නාසි කුඩා කෑලිවලට කපා භාජනයකට දමා සීනි ග්‍රෑම් 150 ක් පමණ දමා උණු කරගන්න. අවශ්‍යනම් වතුර අඬු කෝප්ප 1/2 එකතු කරගන්න.
දැන් භාජනයක් ගෙන එයට ටින්කිරි ටින් එක සහ වතුර ටින් දෙකක් දමා සීනි එකතු කර උණු කර නිවාගන්න.
ඉන්පසු අන්නාසි සහ කිරි එකට මිශ්‍ර කර දියකර ගත් ජෙලටින් දමා සුදුසු භාජනයකට දමා ශීතකරණයේ සෙට් කරගන්න. උඩින් කජු සහ මිදි දමා සරසා පිළිගන්වන්න.
Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks