Kitchen
අන්නාසි පුඩිම
අවශ්‍ය ද්‍රව්‍ය,
අන්නාසි ගෙඩි 01 (පොතු හැර කැබලි කපාගත්)
ටින් කිරි 01
ජෙලටින් තේ හැඳි 02
සීනි ග්‍රෑම් 300
වැනිලා, කජු සහ වියලි මිදි අවශ්‍ය තරමට
සාදාගන්නා අයුරු,
ටින්කිරි බඳුනකට දමා එයට වතුර ටින් 2ක් එක්කර සීනිවලින් මඳක් දමා ලිප තබා උණුකරන්න.
පසුව මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න.
අන්නාසි කැබලිවලට ඉතිරි සීනි දමා ලිප තබා මිශ්‍රණය පැණි වේගෙන එනවිට ලිපෙන් ඉවතට ගන්න.
ජෙලටින් උණුවතුරෙන් දිය කර එයට කිරිද එක්කර අන්නාසි මිශ්‍රණයට දමා කලවම් කරන්න.
දැන් පුඩිම බඳුනකට දමා උඩින් කජු සහ වියළි මිදි ඉස ශීතකරණයේ තබන්න