Kitchen
මෙන්න! රස වෑහෙන බනානා බ්‍රෙඩ් විශේෂාංග
මෙන්න! රස වෑහෙන බනානා බ්‍රෙඩ්
හැමදාමත් කන පලතුරක් ලෙස අපේ මතකයට නිතැතින්ම පැමිණෙන්නේ කෙසෙල්ය. විවිධ නම්වලින් විවිධ රසයට ඇති කෙසෙල් යොදා ප්‍රණීත පාන් වර්ගත් සකසාගත හැකියි. පාන් කියලා කිව්වාට මේවා කේක් වගේ තමයි. ඒ නිසා අද ඔබගේ මෙනු එකට එකතු වෙන්නේ රසවත් බනානා බේරඩ් වර්ග කිහිපයකි. උත්සාහ කළොත් ඔබටත් මේවා බොහොම රසට සාදාගත හැකියි.
බනානා බ්‍රෙඩ් සඳහා අවශ්‍ය දේවල්
පාන් පිටි ග්‍රෑම් 225 ක්
බටර් ග්‍රෑම් 110 ක්
සීනි ග්‍රෑම් 160 ක්
වියළි මිදි ග්‍රෑම් 100 ක්
බිත්තර 2 ක්
හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි ග්‍රෑම් 450 ක්
ලුණු ස්වල්පයක්
බේකිං පවුඩර් තේ හැඳි 1 ක්
සිහින්ව කපාගත් කජු ස්වල්පයක්
සාදන ක්‍රමය:
ලොකු බෝල් එකක් ගෙන එයට බටර් හා ලුණු දමාගන්න.
පාන් පිටිවලට බේකිං පවුඩර් එකතුකර තෙවරක් හලා ගන්න. එම පිටි ද බෝල් එකට දමා හොඳින් මිශ්‍රකරගන්න. ඉන්පසු එයට සීනි, වියළි මිදි සහ කජු ද එක්කරගන්න.
වෙනත් බඳුනකට බිත්තර දමා ගසාගන්න. එයට කෙසෙල් කැබලි ද දමා කලවම් කරගන්න. එය පිටි මිශ්‍රණයට දමා මිශ්‍ර කරගත යුතුයි.
හොඳින් බටර් තැවරූ පාන් තැටියකට (පාන් ගෙඩියක හැඩයේ තැටියක්) දමා පැය එකයි විනාඩි විස්සක් සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයේ පුලුස්සාගන්න.
නිවුණු පසු පිටතට ගෙන පෙති කපා තේ වෙලාවට කෑමට ගන්න. උණු උණු බනානා පාන් ඉඟුරු තේත් එක්ක හරිම රසයි.
චොකලට් බනානා බ්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය:
හොඳින් ඉදුණු ලොකු කෙසෙල් ගෙඩි 3 ක් (ග්‍රෑම් 450 ක්)
උණු කරගත් බටර් ග්‍රෑම් 113 ක්
සීනි ග්‍රෑම් 200 ක්
ලුණු තේ හැඳි 1/4 ක්
ලොකු බිත්තර 2 ක් (බීට් කරගන්න)
වැනිලා තේ හැඳි 1 ක්
පාන් පිටි ග්‍රෑම් 230 ක්
කොකෝ පවුඩර් ග්‍රෑම් 30 ක්
බේකිං පවුඩර් තේ හැඳි 1 ක්
බේකිං සෝඩා තේ හැඳි 1/2 ක්
චොකලට් චිප්ස් ග්‍රෑම් 85 ක්
බැද කුඩු කරගත් (කැබලි සිටින සේ) රටකජු ස්වල්පයක්
සාදන ක්‍රමය:
අවන් එක සෙල්සියස් අංශක 180 ට සකසා රත්වීමට තබන්න.
ලොකු බෝල් එකක් ගෙන එයට පිටි, කොකෝ පවුඩර්, සීනි, බේකිං පවුඩර්, බේකිං සෝඩා සහ ලුණු දමා හොඳින් කලවම් කරගන්න.
වෙනත් බඳුනක් ගෙන එයට කපාගත් කෙසෙල්, ගසාගත් බිත්තර, බටර් සහ වැනිලා දමා කලවම් කරගන්න. එය හැන්දකින් කලවම්කර ගත් පසු පිටි මිශ්‍රණයට දමා කලවම් කරන්න. එයට චොකලට් චිප්ස්, කජු දමා නැවත කලවම් කරගත යුතුයි.
ඉන්පසු බටර් ගා ගත් පාන් තැටියකට මිශ්‍රණය දමා සකසාගන්න. අවශ්‍ය නම් මතුපිටට සීනි ස්වල්පයක් ඉසගන්න. මෙය විනාඩි 55 - 65 ක් බේක් කරගන්න.
මෙම කේක් එක බේක් කිරීමට අඟල් 9ඔ5ඔ3 ප්‍රමාණයේ පාන් තැටියක් අවශ්‍ය වේ.
මෙය තරමක් නිවුණු පසු පිටතට ගෙන පෙති කපා උණුවෙන්ම කෑමට ගන්න.
උපදෙස් - ඉතාලියේ පර්මා නගරයේ පදිංචිසූපවේදිනීජනනී ගුරුසිංහ
Wmqgd .ekSu /�K mqj;am; weiqfrks