Kitchen
මයික්‍රොවේව් කප්කේක්ස්...මිනිත්තු පහකින්...
හුගක් අයට තියෙන්නෙ මයික්‍රොවේව් අවන් නිසා මේ රෙසිපිය එයාලට..මේ තියෙන්නෙ කප්කේක්ස් දෙකකට අවශ්‍ය ප්‍රමාන.
අවශ්‍ය ද්‍රව්‍ය:
පාන්පිටි මේස හැදි තුනක්
බේකින් පවුඩර් තේ හැදි භාගයක්
එලකිරි මේස හැදි තුනක්
දියකරල ගත් බටර් මේස හැන්දක්- මෙි වෙනුවට එලවළු තෙල් මේස හැන්දක් දාන්නත් පුළුවනි
සීනි මේස හැදි දෙකහමාරක්
වැනිලා ටිකක් වෙන්න
ලුනු ටිකක් වෙන්න
චොක්ලට් අයිසින් වලට අවශ්‍ය ද්‍රව්‍යඃ
බටර් මේස හැදි තුනක්
අයිසින් සීනි මේස හැදි හයක් -හතක්
කොකෝවා පවුඩර් මේස හැන්දක්
කිරි ටිකක්
සාදන අයුරැ :
මික්සින් බෝල් එකකට පිටි,බේකින් පවුඩර් ,ලුනු ,සීනි එකතුකර කලවම් කරන්න .ඊලගට එයටම කිරි,බටර්/තෙල්,වැනිලා දමා විස්ක් එකකින් ගසා කලවමි කරන්න.
මීලගට එක සමාන කුඩා 6cm බේකින් මෝල්ඩ් දෙකකට බටර්/තෙල් තවරාගන්න. පසුව පිටි මිශ්රන එක සමානව එම මෝල්ඩ් දෙකට වත්කරන්න.
එක මෝල්ඩ් එකක් විනාඩියක් මයික්‍රොවේව් එකට දමා කප්කේක් එක පිපුනු පසුව පිටතට ගෙන අනිත් මෝල්ඩ් එකත් විනාඩියක් මයික්‍රොවේව් එකට දමා කප්කේක් එක සාදා ගන්න.
මේ කප්කේක්ස් නිවෙන්නට තබා චොකලට් අයිසින් වලට අවශ්‍ය අයිසින් සීනි,කොකෝවා ,බටර් සහ කිරි එකට බීට් කරගන්න.
හොදින් නිවෙන්නට ඇර මේ අයිසින් කප්කේක්ස් මතට පයිපින් කරන්න