Kitchen
චීස් ආප්ප
කැකුළු හාල් කෝප්ප 2ක්
වේලුනු පොල් ගෙඩියක් ගා කිරි කෝප්ප 2ක්
සීනි මේස හැදි 1ක්
යීස්ට් තේ හැදි1/2ක්
චීස් ස්ලයිස් කිහිපයක්
ගම්මිරිස් කුඩු ටිකක්
කැකුළු හාල් කෝප්ප 2ක් ගෙන පැය 4ක් ඇල් වතුරේ පොඟවා ගන්න.
වේලුනු පොල් ගෙඩියක් ගා කිරි කෝප්ප 2ක් ගන්න එකක් දැන් පාවිච්චියට සහ අනික ආප්ප හදන විට ගන්න වෙන් කරන්න.
වතුර බේරා ගත් කැකුලු හාල් ටික බ්ලෙන්ඩර් එකට දමා පොල් කිරි ටික ටික දමමින් පොල් කිරි කෝප්ප 1 සමග කොටා ගන්න.එයට සීනි,යීස්ට්,දමා හොදට බ්ලෙන්ඩ් කරන්න..
මෙය එක රාත්‍රියක් තබා පසුව දා අනිත් පොල් කිරි කෝප්පය , පැණි කෝප්පයක් මිශ්‍ර කරන්න.එය මිශ්‍ර කරන විට එක පාර නොදා ටිකෙන් ටික දාන්න.
තමන්ට ඕන ප්‍රමාණට පදම ආවාම කිරි දාන එක නතර කරන්න.සාමාන්‍ය ප්ලේන් ආප්පයම තමයි. ආප්පය දමා බාගෙට තැම්බීගෙන එන විට චීස් ස්ලයිස් එකක් ආප්පයේ මැදට දමන්න.
ගම්බිරිස් කුඩු ස්වල්පයක් දමා ආහාරයට ගන්න.
ඉතින් දැන් චීස් ආප්ප හදා ගන්න පුලුවන්.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks