Kitchen
චිකන් ලෙමන් රයිස්
චිකන් ලෙමන් රයිස්
සම්බා බත් 500g
ඔලිව් මේස හැදී 1
කහ
ලුණු
ඔලිව් මේස හැදී 01
තලාගත් සුදු ළුණු
වියලි මිදී
ග්‍රීන් පීස් පොඩ්ඩක්
බිත්තර 03
මුලින්ම බත ලිපේ තියන්න කහ චුට්ටක්, ලුණු, ඔලිව් මේස හැදී 1 සමගින්...
බත හැදුනම වෙනම පෑන් එකකට ඔලිව් මේස හැදී 1 කට තලාගත් සුදු ළුණු,
වියලි මිදී, ග්‍රීන් පීස් පොඩ්ඩක් දාලා බැදගන්න..
ඒ ටික පොඩ්ඩක් ඒ පෑන් එකේම පැත්තකට අයින් කරලා බිත්තර 3 කඩලා දාලා
ඒ සියල්ල බත් සමග කලවම් කරගන්න...
කන් එකට ගත්තේ ග්‍රෑම් 425 ක බ්‍රෙස්ට් එකක්..
පොඩි කොටස් වලට කපලා එයට සෝයා සෝස් තේ හැදී 1, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, බිත්තර 1 දාලා හොදින් කලවම් කරන්න
දැන් එයට කෝන් පිටි මේස හැදී 3 එකතුකරලා හොදින් දවටන්න...දැන් මෙය ගැඹුරු තෙලේ බැද තෙල් බේරෙන්න තියන්න...
දැන් ලෙමන් සෝස් එක හදන්න ගමු...
මුලින්ම සුදුසු බාජනයක් ලිපේ තියල එයට ඔලිව් තෙල් මේස හැදී 2 එකතු කරන්න...
තලාගත් සුදු ළුණු ටිකක් එකතුකරලා බැදෙන්න හැරලා එයට චිකන් ස්ටොක් කෝප්ප 1 (ක්නොර් සුප් කෝප්ප 1)
ඔයාලට පුළුවන් සුප් කැටයක් උණු වතුරේ දියකරල ගන්න.
එයට ලෙමන් යුෂ කෝප්ප 1/4 .සිනි තේ හැදී 2, කැමතිනම් 3, හා ලෙමන් පෙති 2 එකතු කරලා පොඩි වෙලාවක් තියන්න...
දැන් එයට කෝන් පිටි තේ හැදී 1 වතුර පොඩ්ඩක දියකරලා එකතු කර විස්ක් එකක් මගන් හෝ හැන්දක් මගින් කැටි නොගැසෙන්න සෝස් එක හදාගන්න...
රස බලා..ලිප නිවල.... දැන් එයට චිකන් එකතු කරන්න.
iwumpihum.lk