Kitchen
චිකන් මජිබූස්
මෙන්න ගේනවා අරාබියානු ක්රමයට හදපු මස් එකක්. බුරියානි වගේ බත් එකක් එක්ක මේ වගේ එකක් සතියට සැරයක්වත් කන්න දෙනවනම් ඔයාගේ ගෙදර අයත් ගොඩක් සතුටු වෙයි. ඔයාලත් හදලාම බලනන්කෝ.
කුකුල් මස් 1kg
ඉගුරැ, සුදු ලූනු බික් 10 ,පමන
බී ලූනු ගෙඩි 1.
එනසාල් කරල් 5
කරාබු නැටි 5
බේ කොල 5
සුප් කැට 1
කබලේ බැදගත් සරියා 100g ( නූඩ්ල්ස් වර්ගයක්)
බාස්මති හාල් 1 1/2 kg
Servings:
Instructions
කුකුල් මස් හම ගලවන්ෙනෙ නැතුව සෝදා ලුනු ටිකක් ඉස තියන්න.
සුදු ලූනු හා ඉගුරැ බෙලෙන්ඩර් එකට දමා ඔලිව් ඔයිල් හා වතුර ටිකක් දමා cream වන තුරු බෙලෙන්ඩර් කර තියා ගන්න.
තරමක් ලොකු භාජනයක් ලිප තබා තෙල් ටිකක් වැඩි පුර දමන්න. ගොඩාක් ම එපා.
තෙල් රත්වු විට රම්පෙ, කරපිංචා , ලූනු, බේ කොල,කුරැදු පොතු, එනසාල්, කරාබු නැටි දමන්න.
ලූනු රන් වන් පාටවන විට සුදු ලූනු පේස්ට් එක දමා තව ටික වේලාවක් බැදෙන්නට තියන්න.
ඉන්පසු කුකුලා සහ සුප් කැටය දමා කුකුලා වැහෙන ප්රමාණයට වතුර දමා කුකුල් මස් වලට ලුනු ගොඩාක් උරා ගන්න ලුනු ටිකක් වැඩිපුර දමා විනාඩි 45 තැම්බෙන්න තියන්න. හාල් ටික සෝදා පෙගෙන්න තියන්න.
මස් එක තැම්බූ පසු කුකුලාව අරන් පැත්තකින් තියන්න. ඉන්පසු තම්බා ගත් වතුරේ තියෙන එනසාල් ,කරාබු නැටි කුරැදු කැල්ල බේ කොල සියල්ල පෙනෙරකින් අයින් කරන්න. ඉන්පසු එයට හාල් ටික හා බැදගත් සරියා ටික දමා පියන වසා බත් එක උයා ගන්න. පැත්තකින් තැබූ කුකුලා සම්පූර්ණයෙන් හෝ කැබලි කඩා ගැබුරැ තෙලේ බැදගන්න.