Kitchen
චිකන් ඩොපියාසා
හැමදාමත් චිකන් හදන්නේ කරි එහෙමත් නැතිනම් ඩෙවල්, ෆ්‍රයිඩ් චිකන් විදියට නේ.අද අපි ඔයාලට අරගෙන ආවේ චිකන් වලින් හදන්න පුළුවන් වෙනස් විදියේ කෑමක්.
අවශ්‍ය ද්‍රව්‍ය
කටු නැති කුකුළු මස් (පපු පෙදෙස )
700g
ලෙමන් යුෂ තේ හැඳි 1/2ක්
ලුණු කුඩු තේ හැඳි 1/2ක්
ඔලිව් හෝ සූරියකාන්ත තෙල් මේස හැඳි 5ක්
සිහින්ව කපා පොඩි කරගත් ලොකු ළුණු ගෙඩි 5ක්
සිහින්ව කපා ගත් සුදුළුනු බික් 3ක්
සිහින්ව කපාගත් ඉඟුරු ස්වල්පයක්
මී කිරි මේස හැඳි 2ක්
කුරුඳු පොතු ස්වල්පයක්
කරඳමුoඟු කරල් 4ක්
ගම්මිරිස් ඇට තේ හැඳි 1/2ක්
කරාබුනැටි 4ක්
කහකුඩු තේ හැඳි 1/2ක්
මිරිස් කුඩු තේ හැඳි 1ක්
උණුවතුර මිලිලීටර 150ක්
කුඩු කරගත් සීනි තේ හැඳි 1ක්
ග්‍රෑම් මසාලා තේ හැඳි 1ක්
කොත්තමල්ලි කොල මේසහැඳි 2ක්
තක්කාලි ගෙඩියක් (සිහින්ව කපා )
සාදන ක්‍රමය :-
කුකුළු මස් සෝදා සිහින්ව කපාගෙන ලුණු සහ දෙහි යුෂ එක් කර හොඳින් මිශ්‍ර කරන්න.එය සීසන් වෙන්නට තබා බඳුනකට ඔලිව් ඔයිල් හෝ සුරියකාන්ත තෙල් ටිකක් දමන්න.රත් වූ පසුව ළුණු සුදු ළුණු ඉඟුරු එක් කර තෙම්පරාදු කරගෙන ලිපෙන් බාන්න.නිවුණු පසු මෙයට මිදුණු කිරි එකතු කර හොඳින් බ්ලෙන්ඩර කරන්න .වෙනත් බඳුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු කුරුඳු,කරඳ මුන්ඟු,කරාබු නැටි,ගම්මිරිස් ඇට දමා තෙම්පරාදු කරන්න.දැන් මෙයට සාදාගත් පේස්ට් එක එකතු කරන්න. එයටම කහකුඩු මිරිස් කුඩු අම්බරගත් කොත්තමල්ලි කොල සහ පදම් කරගත් මස් ටික එකතු කරගන්න,අනතුරුව එය තැම්බීමටප්රමාණවත් තරමට වතුර ,ලුණු සහ සීනි ස්වල්පයක් දමා තැම්බෙන්න හරින්න.උකු වූ පසු ලිපෙන් බාන්න වෙනත් බඳුනකට තෙල් ටිකක් දමා ලිප තබා ලියා ගත් ළුණු එක් කර තෙම්පරාදු කරන්න.මෙම තෙම්පරාදුවට සාදාගත් චිකන් කරිය එක් කර සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල හා තක්කාලි දමා මිශ්‍ර කර ටික වෙලාවකින් ලිපෙන් බා ගන්න. මෙම කාරිය නාන් , රොටි , චපාති සමග හොඳින් ගැළපේ.
curtesy :
lady.lk