Kitchen
කුකුළු මස් කළු කුඩු මාළුව
අවශ්‍ය දැ.
කුකුළු මස් 500g
බැදපු මිරිස් තේ හැදී 01
බැදපු තුනපහ තේ හැදී 01
ගම්මිරිස් තේ හැදී 1/2
කබලේ බැදගත් කජු 20g
කබලේ බැදගත් පොල් 20g
රම්පෙ , කරපිංචා , සුදුලුණු , ඉගුරු , පදමට ලුණු
සිහින්ව ලියාගත් රතුළුණු ගොඩි 06 ක් 07 පමණ
සියබල යුෂ තේ හැදී 01
සාදන පිළිවෙල .
මුලින්ම තරමක කැබිලි වලට මස් කපා සෝදා ගන්න , ඉන් අනතුරුව පොල්, කජු,මිරිස්, තුනපහ ගලේ
අබරා ගන්න අනතුරුව ,අබරා ගන්නා ලද මිශ්‍රණයද කපා ගන්නා ලද මස් කැබලිද එයට දමා සියබලා සහ ලුණු සමග හොදින් පිස ගන්න .ඉන් අනතුරුව , මැටි වළදක් ලිප තබා රත් වූ පසු එළවලු තෙල් මේස හැදී 02 පමණ දමා රත් වූ පසු ,රම්පෙ , කරපිංචා, සුදුලුනු ,ඉගුරු,රතුළුණු ,තෙම්පරාදු කර ගන්න අනතුරුව පදන් කර ගන්න ලද මස් සහ අනිකුත් දැ දමා විනාඩි 08 පමණ තෙම්පරාදු කර ගන්න , ඔබට අවශ්‍යනම් පොල් කිරි එකතුකර මද ගින්නේ ඉස්ම හිදෙන තුරු පිස ගන්න .